මෙන්න තවත් කමිටුවක් -පළාත් පාලන සීමා නිර් ණයට….

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ. ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. මේ වන විට පළාත් පාලන මැතිවරණ පැවැත්වීම බෙහෙවින්ම කල් ඉකුත්වී ඇති අතර මේ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් බලා සිටීම හේතුවෙන් පළාත් පාලන මතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ තිබෙන බව දේශපාලන නිරීක්ෂකයින් පවසති.

නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04)රාත්‍රී නිකුත් කෙරිණි. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ් යන මහත්ම මහත්මීන්ය.

Related Articles