සජිත්ට වැදුන හුව නායකත්ව විරෝධයේ  පෙර  ලකුණක්ද ?

සජිත්ට වැදුන හුව නායකත්ව විරෝධයේ පෙර ලකුණක්ද ?

කොළඹ පැවති මහජන විරෝධතාවයට පොලිස් බාධක එල්ල වූ තැන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසුවේ තමන් යුක්තිගරුක පුරවැසියෙක් ලෙස ආපසු හැරෙන බවයි. තමන්ට කාඩ්බෝඩ් වීරයෙක් වීමට අවශ්‍ය නැති බව විපක්ෂ නායකවරයා කියා සිටී.
.
බොරු කරන්න එපා යැයි විරෝධය පල කළ විරෝධතාකරුවන් සජිත් ප්‍රේමදාසට හු කියන්නට පටන් ගත්හ.

විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළුකාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා, මොකක්ද මේ කරන්න යන විහිළුව යයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මහජන විරෝධතාවයකදී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත නොකරන බවත් කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවත් එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයාට නැගුන හූ හඬ සජබ ඇතුලින් මතුවෙන නායකත්ව විරෝධය තීව්‍ර කිරීමට හේතු විය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති. අරගලකරුවන් හා වඩාත් සමීපව වැඩකරන සජබ මන්ත්‍රීවරයා වන්නේ සරත් ෆොන්සේකාය.

Related Articles