‘කුල ඡන්ද  මැෂිම’ අක්‍රීය කිරීමට කාලයයි

‘කුල ඡන්ද මැෂිම’ අක්‍රීය කිරීමට කාලයයි

ශ්‍රී ලංකාවේ කුලය දකුණේ සිංහල දේශපාලනයට දැඩිව බලපාන බව 1979 දී Caste and Family Politics Sinhalese 1947– කෘතිය සම්පාදනය කළ ආචාර්ය හාවර්ඩ් ජිගින්ස් පෙන්වා දුන්නේය. රටේ දේශපාලන ජීවිතය කුල සාධකය පදනම් කරගෙන දෝලනය වන බව විචිත්‍රවත් හා සජීවී ආකාරයට පෙන්වා දුන්නේය.

දේශපාලනය තුලදී “කුලය” වැඳගත් සාධකයක් බව තර්ක කරන අතර මෙය අයත් වන්නේ ප්‍රසිද්ධ රහස් ගොන්නටයි. මේ ගැන ප්‍රසිද්ධියේ කථා නොකළත් මැතිවරණ යෝජනා දීමේදී මුදල් බලය , මර බලය , ජනතාව රැවටීමට ඇති හැකියාව මෙන්ම කුලයද සලක බැලේ .

සීමිත අවස්ථා කීපයකදී කුලය අභිභවා අසුන ජයගත් පිරිස්ද සිටිති. රත්මලාන අසුන බහුතරයක් දුරාව කුලයේ ජනයා වෙසෙන ඔවුන්ගේ අසුනක් මුත් ජෝන් කොතලාවල, ලලිත් ඇතුලත්මුදලි, විවියන් ගුණවර්ධන වැනි කුලයේ නොවන දේශපාලඥයන් ඉදිරිපත් වී අසුන ජය ලබා ගෙන ඇත. අනෙක් අතට කුල සාධකය දැඩිව බලපාන අසනද තිබේ .

මාතර” අතීතයේ සිටම දුරාව කුලයේ ආසනය වන අතර, මාතර ඡන්ද පාරම්පරිකව දුරා කුල අපේක්ෂකයා වෙතම බැරවේ. මංගල සමරවීර, ගාමිණී ෆොන්සේකා, චන්ද්‍රසිරි ගජධීර, බී.වයි තුඩාවේ වැනි දේශපාලඥයන්ට මාතරින් පාර්ලිමේන්තුවට පැමිණීමට කුලය දැඩිව බලපෑවේය .

කුලය උපතින් ලැබෙන ලේබල් කරණයක් වන හෙයින් එය ඡන්ද ක්‍රියාවලියේදී භාවිතා කිරීම පිළිකුල් කරන සැහෙන පිරිසක්ද සිටිති.

කුලය පදනම් කරගත් දේශපාලන ව්‍යපාරයක්:

මෙවර මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස කුලය පදනම් කරගත් දේශපාලන ව්‍යපාරයක් මෙහෙයවන බව රනිල් වික්‍රමසිංහ
හිතවාදීන් පවසති. ජනාධිපතිවරයාගේ ප්‍රජා කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම, ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.

2020 මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කලාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත. ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම, ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.

2020 මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කලාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත. රජිත් කීර්ති තෙන්නකෝන් අමු සිංහලෙන් කියන පරිදි ගාල්ලේ කරාව සහ සලාගම කුල ඡන්දයක් සජබට තිබුණේම නැති තරම්ය. එසේ නම් දැන් ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම කුල තුලනය වෙනස් කිරීමට ගත් උත්සහයක් ලෙස නොවේද අර්ථ කථනය කෙරෙන්නේ ?
රජිත් කීර්ති තෙන්නකෝන් පවසන ආකාරයට කුලය යනු ‘ඡන්ද මැෂිමකි’ එය අවාසනාවන්ත සත්‍යයකි .
මැෂිම අක්‍රීය කිරීම:

දැන් මේ මැෂිම අක්‍රීය කිරීමට කාලයයි . සජිත් ප්‍රේමදාස කුලය පදනම් කරගත් දේශපාලන මෙහෙයුමක් කරන්නේ නම් එය වැරදි වන අතරම ඒ මෙහෙයුම ගැන කියමින් රනිල් වික්‍රමසිංහ කුණු ගොඩ අවුසන්නේ නම් එයත් වැරදි බව කීමට ඡන්දදායකින් බහුතරය නිර්භීත විය යුතුය.

‘ලංකා දේශපාලනයේ කුලය තරම් බලවත් සාධකයක් තවත් නැත’ යන්න අතීතයට එක් කළ යුතු ප්‍රකාශයකි.

Related Articles