ආර්ථික අසමානතාව අඩුකිරීමෙන් තොර හෙටක් නැත

ආර්ථික අසමානතාව අඩුකිරීමෙන් තොර හෙටක් නැත

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ආදායම් වියදම් පරතරය බව මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි. පරතරය සෑම වසරක දීම ප්‍රසාරණය වෙමින් පවතින් අතර . ආණ්ඩුවේ ඇස්තමේන්තුවලට අනුව, 2024 දී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 4100 කි. එහෙත් ණය හා පොලී වෙනුවෙන් එම වසරේදී ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 7000 ක් පමණ වේ. තත්ත්වය එසේ වුවද දිගටම් නය ගැනීම හැර වෙනත් බලපෑම් සහගත විකල්පයක් නැත.

අපි තවමත් ණය ගනිමින්සි වැඩසටහනේ ටිමු. ණය ගැනීම්වල අඩුවක් සිදු ව නැත. ණයවල පාලනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නැත.

නව වසරේ ශ්‍රී ලංකාව මුහුණ දෙන එක් අභියෝගයක් නම්, දුප්පත්කමත් ඒ හා බැඳුණු අසමානතාවයි.

සංඛ්‍යා දත්තවලට අනුව, මෙරට සිටින ධනවත්ම සියයට 10 ලංකාවේ ආදායමෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කර ගනිති. එය අසාධාරණය. එසේම ජනගහනයෙන් සියයට 50 ක් දෙනා ලංකාවේ මුළු ආදායමෙන් අත්කර ගන්නේ සියයට 10 ක පමණ ප්‍රමාණයකි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෑත කාලින වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව ආර්ථික අසමානතාවය අනුව අසියා පැසිෆික් කලාපයේ පළමු රටවල් පහේ ගොනුව තුල සිටී.

Related Articles