දෙවියන්ට දේ අයිති කපුවන්ටද ?

දෙවියන්ට දේ අයිති කපුවන්ටද ?

කතරගම මහ දේවාලයේ රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සැඟවී සිටි ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක අද(27) කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීඑම පැය කීපයකට පසුව ඇප ලබා ගෙන ඇත .

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් ඇතුළු වටිනා දේවල් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රට පුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජා වට්ටි මත තබා දහස් ගණනින් දුන් මුදල් ප්‍රමාණයන් 50%කින් පමණ අඩු කර ඇතැයි මාධ්‍ය වාර්තා කළේය .
අපේක්ෂා රෝහලේ සංවර්ධන අරමුදල:

පූජා වට්ටි මත මුදල් තැබීම වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම අපේක්ෂා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇති බව වාර්තාකරුවන් පවසති .

.පසු ගියාදා ඉන්දියාවේ දී මිය ගිය බව පැවසෙන ‘අංගොඩ ලොක්කා’ නම් පුද්ගලයාගේ බිරිඳ විසින් තම පුතු ගේ ග්‍රහ අපල දුරු වීමට කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා දේවාලයේ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට සොමිපාල රත්නායක අවශ්‍ය වී තිබින .

මාධ්‍ය හෙළිදරව් කරන ආකාරයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450 ක් එකතුවී ඇත.

ප්‍රධාන දේවාල වල පින් කැට වලට වැටෙන මුදල් රජය හෙවත් මහා භාරකාරයා සතු ය. මුදල් හෝ පඬුරු නිසියාකාරව විගනනනය නොවන බව පැහැදිලිය .

Related Articles