ජනපති පුතු ජනපති සටන

ජනපති පුතු ජනපති සටන

විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදරි ජනාධිපතිවරණයකට මුහුණ දීමට සූදානම්වන්නේ, දරිද්‍රතාවයෙන් පීඩා විඳි ජනතාව අන්ත දිළින්දන් බවට පත් කොට බංකොලොත් කළ ශ්‍රී ලංකාවක් හා ඔහුගේ පියා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ආරම්භ කළ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරය ඉඩෝරයට ලක්ව ගොස් ඇති අවදියක.

එසේම ජනාධිපතිවරයකු පිලිබඳව විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිහින දකින්නේ මීට වසර 35 කට පෙර, එනම් 1989 ජනවාරි 02 දා ඔහුගේ පියා විසින් එය සැබෑ කරගත් බව සිහිගන්වමින්.

ජේ.ආර්.ජයවර්ධන රජයේ අග්‍රාමාත්‍යවරයා සිටි රණසිංහ ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්තීන් අතර දිළිඳුකම තුරන්කිරීමේ වැඩසටහනට මුල් තැන ලබාදී තිබිණ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ආරම්භ කළ ජනසවිය, නාගරික නිවාස ව්‍යාපෘති, සුළු පරිමාණ කර්මාන්තකරුවන් හට ණය ලබාදීම, හා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, සහ ඇඟලුම් කම්හල් ව්‍යාපෘති මේ අතර ප්‍රමුඛත්වය ගෙන තිබුණි.

අගමැති රණසිංහ ප්‍රේමදාස 1989 පැවති ජනාධිපතිවරයෙන් ජය ගත්තේ ඉතා කුඩා වැඩි ජන්ද සංඛ්‍යාවකින්. ඔහු ලබාගත් ජන්ද ප්‍රතිශතය සියයට 50.4 ක් ( 2,569,199 ) හිටපු අග්‍රාමාත්‍යවරියක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක ලබා ගත්තේ සියයට 44.9 ක් (2,289,860 ) ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් තරඟවැදුණු ඔසී අබේගුණසේකරට ලබාගත හැකිවූයේ සියයට 4.6 ක ( 235,719 ) ප්‍රතිශතයක් පමණි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ධුරයට පත්වන්නේ එල් ටී ටී සංවිධානය හා පැවති සිවිල් යුද්ධය, සහ ජනතා විමුක්ති පෙරමුණ දියත් කල කැරැල්ල තවදුරටත් පවතින අවස්තාවක. එසේම හැත්තෑ දහසක පමණ භට පිරිසකින් සමන්විත ඉන්දීය සාම සාධක හමුදාවද මේ වනවිට උතුරේ රඳවා තිබිණ.

මර්ධනකාරී ක්‍රියාමාර්ග:

මානව හිතවාදියකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම පිණිස අනුගමනය කල අමානුෂික හා දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග සහ එල් ටී ටී ඊ සංවිධානයට අවි ආයුධ ලබාදීම හේතුවෙන් බෙහෙවින් අපකීර්තියට පත්විය. යුද හමුදාවට අමතරව අවි ගත් වෙනත් කණ්ඩායම් ක්‍රියාත්මකවූ බව එවක අසන්නට ලැබිණ. බිල්ලන් සහ ‘black cats’ නමැති අවි ගත් කණ්ඩායම්ද එවක ජනතාව අතර කථා බහ කෙරුණු මාතෘකාවක්. මේ අතර අතුරුදහන් කිරීමේ සහ වග විභාගයකින් තොර ඝාතන සිද්ධි ඇතුළු මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම සංවිධානයක් වන ක්‍ෂමා ආයතනය (Amnesty International ) සිය වාර්තාවල සඳහන් කොට තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක:

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒකාධිකාරී ස්වරූපයෙන් ක්‍රියාකල බවට විවේචන එල්ලවුවත් අඩු වැඩි වශයෙන් ඔහුගේ සංවර්ධන ප්‍රතිපත්ති සහ උපක්‍රම අනුගමනය කරන සජිත් ප්‍රේමදාස වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සිට ක්‍රියා කරන්නට උත්සාහ කරන බවක් දක්නට ලැබෙයි.

වර්තමානයේ සමගි ජන බලවේගයට නායකත්වය දෙන, සජිත් ප්‍රේමදාස දේශපාලන කරලියට ප්‍රවේශවන්නේ 1994 වසරේදීයි. 2000 වසරේදී පාර්ලිමේන්තුවට තේරී ප

ත්වන ඔහු 2001 දී සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කෙරිණ. (2001-2004). 2015 සිට 2018 දක්වා කාලය තුල එක්සත් ජාතික පක්ෂ රජයේ නිවාස හා සමෘද්ධි ඇමතිවරයා ලෙසත් 2018 සිට 2019 දක්වා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමතිවරයා ලෙසත් ඔහු කටයුතු කොට ඇත.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට පත්වූ ඔහු 2019 පැවති ජනාධිපතිවරණයට තරඟ කළේය. එහෙත් ඔහු, ‘අරගලය’ හේතුවෙන් රටින් පලා යාමට පවා සිදුවූ ,පොහොට්ටුවෙන් තරඟ කල ගෝටාභය රාජපක්ෂ හමුවේ පරාජයට පරාජයට විය.

අමාත්‍යධුර ගණනාවක සේවය කරමින් අත්දැකීම් ලබා සිටි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා, 1989 ජනාධිපතිවරණයට මුහුණ දෙන විට දශක ගණනාවක අත්දැකීම් රැස්කරගත් කෘතහස්ත දේශපාලකයකු විය. ඔහු උතුරේ ප්‍රශ්නය මෙන්ම දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම හමුවේ ගන්නා ලද්දේ විවෙච්චනයට හා අප්‍රසාදයට පාත්‍රවූ දැඩි ක්‍රියාමාර්ගයකි.

එහෙත් මධ්‍යස්ත මතධාරියකු ලෙස සැලකෙන, විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදස ඒහා සමාන අත්දැකීම් සතු අයකු නොවුනත් ඔහු විසින් අනුගමනය කරණ වැඩසටහන් කිහිපයක් – අඩු අදායම්හලාභීන්ට මහන මැෂින් බෙදාදීම, පාසල් උපකරණ බෙදාදීම සහ රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීම සමඟ අධිෂ්ටානශීලී සටනක නියැළී සිටියි.

විමලසේන හේවගේ

Related Articles