කෙහෙලියට හරි අසනීපයි

කෙහෙලියට හරි අසනීපයි

ව්‍යාජ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට නොපැමිණි අතර ඔහු දැඩි ලෙස අසනීපවී ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න උසාවියට දැන්වීය .

“මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි… ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්.” ඇති බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පැවසුවේ.

කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව පැවසු ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු පැහැදිලි කලේ රූප සටහන් කීපයක්ද පෙන්වමිනි.

“ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ.”

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ගේ කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් වරිය ගෙන් ලැබුනේ පළවුණේ දැඩි ප්‍රතිචාරයකි.

“කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ” යැයි මහේස්ත්‍රාත් වරිය පැවසුවාය .

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related Articles