ගණිකා වෘත්තිය: අපි සමන්මලීට “ගල්” ගහමු

ගණිකා වෘත්තිය: අපි සමන්මලීට “ගල්” ගහමු

දැන් අපුරු අවස්ථාවක් උදා වී තිබේ .

ඒ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ ට ගල් ගැසීමයි .
මේ සඳහා බොහෝ ශුද්ධවන්තයින් දැන් ගල් අහුලමින් සිටිති.


හේතුව සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවක් ක්‍රීයා කරන බව පැවසීමය.
ඇය කියා සිටියේ ‘අපේ පක්ෂයේ ව්‍යවස්ථාවෙත් තියෙනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ’ යනුවෙනි.
තමන්ගේ පක්ෂය ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුලින් කරන්නේ පීඩාවට පත්වන කාන්තාවන්ට රැකවරණ ලබා දීම සඳහා සුදුසු වාතාවරණයක් ලබා දීම මිස එය ප්‍රවර්ධනය කිරීම නොවන බව ඇය පැහැදිලිව කියා සිටියාය . මේ කාන්තාවන්ට ඇඟ විකුනන්නේ නැතුව වෙනත් ජීවිකාවක නිරත විය හැකි වැඩ පිළිවෙලක් ඇති කිරීම තම පක්ෂයේ අරමුණ බව ඇය කියා සිටියාය .

සදාචාරයේ ගල්
මේ පැහැදිලි කිරීම ශුද්ධවන්තයින් ට ප්‍රමාණවත් නොවූ හෙයින් ඔවුන් හා හෝ ගාමින් සදාචාරයේ ගල් අහුලන්නට වුහ.

රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වයට සිදුවෙන්නට යන මහා විපත ගැන සසලව ක්‍රියාත්මක වුහ.

මේ හා හෝව නැගෙද්දී මුලින්ම රිවර්ස් ගියරයට සංවාදය ඇද්දේ ආචාර්ය හරිනි අමරසුරියයි . ජාතික ජන බලවේගය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදහස් නොකරන නමුත් ඇතැම් නීති පමණක් වෙනස් කරන බව  පැවසුවාය.වෙනස් කරන නීති ගැන ඇය කියා සිටියේ නැත . අනෙක් අතට ‘ කාන්තාවගේ සිරුර ඇයට අයිති නිසා තමන්ට රිසි ලෙස එය භාවිතා කිරීමේ අයිතියක් ඇයට ඇති බව හරිනි අමරසුරිය ස්වාධීන රූපවහිනිය සමඟ පැවැත්වූ සාකච්ඡා වකදී ය පැවසු බව හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය දැන් කියන්නේ නැත .
අටවා ගත් නව ජනතා පෙරමුණේ කීප දෙනෙක් සමන්මලී ගුණසිංහ ගේ ප්‍රකාශට විරෝධය පළ කරමින් කමින් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී පොඩි පහේ සිල්ලර වොයිස් කට් උද්ඝෝෂණයක් පැවැත්වූ විට ඉදිරියට
පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ද පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදහස් නොකරන බවයි.

ලාල් කාන්ත නම් සුදා සමඟ කියා සිටියේ සමන්මලී ගුණසිංහ මතු කළ සංවාදයට තමන් කැමති බවයි .ඔහු එතෙකින් ගැලවී ගත්තේය .

බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ආගමට හෝ සංස්කෘතියට හානියක් සිදුවී නොමැති බව ඩයනා ගමගේ මීට පෙර පැවසුවාය. පොහොට්ටුවේ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය වහෙන් ඔරෝ නැතුව ස්වාධීන රූපවහිනිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ගණිකා වෘත්තිය නීතිගත කොට කාන්තාවන් සුරා කෑම නතර කළ යුතු බව පැවසුවාය .

 

 

Related Articles