රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මිය යයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මිය යයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත ගැටී  මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රාගම රෝහලට රැගෙන   විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ. අද අලුයම 1.00 පමණ මෙම අනතුර සිදුව තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය  පැවසුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු ජීප් රථය අධිවේගී මාර්ගයේ කඳාන පොලිස් බල ප්‍රදේශයේ 11.1 සැතපුම් කණුව අසලදී කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

කන්ටේනර් රථයේ පසුපස ගැටීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රණවිර ගමන් කරමින් තිබු මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේහි ද ගැටී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේය.

 

 

Related Articles