ඝාතන රැල්ලක් –  හිමිනමකට වෙඩි

ඝාතන රැල්ලක් – හිමිනමකට වෙඩි

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයේ කලපලුවාවේ ධම්මරතන හිමියන් මේ දින වල පැතිර යන ඝාතන රැල්ලේ අළුත්ම ගොදුර බවට පත්ව සිටිති. කලපලුවාවේ ධම්මරතන ස්වමින් වහන්සේට වෙඩි තබා ඇත්තේ සු ඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක්ය . මේ පිරිසේ හතර දෙනෙක් සිටි බව සිද්ධිය ඇසින් දුටුවන් පවසති. ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ටික වේලවකින් ධම්මරතන හිමියන් අපවත් වී ඇත අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කල ස්වාමින් වහන්සේ නමකි . එම පන්සලේ ඇතිවූ ගැටළුවකින් අනතුරුව මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පමිණ දානය වැළඳීමට පුරුදු වී ඇත.

දානය වළදමින් සිටින අවස්ථාවේදී එහි පැමිණි ඝාතක් පවසා ඇත්තේ පන්සලේ මත් ද්‍රව්‍ය ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. පන්සලට ඇතුල්වූ පිරිස පිට පිටම ප්‍රහාර දෙකක් එල්ල කොට පලා ගොස් ඇත. හිමිනම ඝාතනය කිරීම සදහා පැමිණි බවට සැක කෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් කඩුවෙල ප්‍ර දේශයේ ගිනි ගෙන දැවෙන බව පොලිසිය පවසයි.

එම හිමිනම ඝාතනය සදහා සැකකරුවන් පැමිණි මෝටර් රථය දැයි තවමත් සැකයක් පවතින බව පොලිසිය පවසයි. මේ දිනවල පවත්වාගෙන යන යුක්තිය මෙහෙයුමේ ඇති අක්‍රමවත් බව හේතුවෙන් අපරාධකරුවන්ට බලපත්‍ර ලබාදීමට සමාන තත්වයක් උදාවී ඇති බව මානව හිමිකම් සංවිධාන විසින් පෙන්වා දී ඇත.

Related Articles