දියෙගෝ ගාර්සියා සරණාගතයින් අපායක

දියෙගෝ ගාර්සියා සරණාගතයින් අපායක

දියෙගෝ ගාර්සියා දුපතේ රඳවා සිටින ශ්‍රි ලාංකිකයින් දීර්ඝ කාලීනව රඳවා තැබීම සඳහා “සුදුසු ස්ථානයක් නොවන” බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පැවසීමත් සමඟ අසීරු තත්වයකට පවසා තිබේ.

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට මේ ඝර්ම කලාපීය දූපත අපායක් බවයි එහි වෙසෙන පිරිස් පවසන්නේ.

සරණාගතයින් පවසා ඇත්තේ, දූපතේ තත්ත්වය අපායකට සමාන බවත්, දූපතේ අසාමාන්‍ය නීතිමය තත්ත්වය නිසා ඔවුන් අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇති බවත් ය.

මෙහි සියදිවි නසා ගැනීමට තැත් කිරීම් සහ හානි කර ගැනීම් රැසක් සිදුව තිබේ. නීතිඥයින් පවසන පරිදි ළමයින් ඇතුළු කිහිප දෙනෙකු උපවාසයන්හි පවා නිරත ව තිබේ.

“අපි ජීවත් වෙන්නේ ජීවිතයක් නැතුව. මට දැනෙන්නේ මම මැරිච්ච මිනිහෙක් වගේ කියල යි,” එක් පුද්ගලයෙක් පසුගිය වසරේදී බීබීසී පුවත් සේවයට පැවසීය

ශ්‍රී ලාංකික දෙමළ වැසියන් පිරිසක් වසර දෙකක්‌ තිස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව නීතිමය අභියෝග වලට ලක් කරමින් සිටිති .

දියේගෝ ගාර්සියා දූපතේ තාවකාලික කඳවුරක අතරමං වී සිටි න පිරිස පවසන්නේ තමන්ට බ්‍රිතාන්‍යට පැමිණීමට අවශ්‍ය බවයි
සංක්‍රමණිකයින් සහ බලධාරීන් පවසන පරිදි 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී පළමු දෙමළ වැසියන් කණ්ඩායම දියේගෝ ගාර්සියා වෙත ගොඩ බැස්සේ, කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.
මෙම දූපත ජනතාව වෙසෙන ගොඩබිම් වලින් සැතපුම් සිය ගණනක් ඈත්ව පිහිටා ඇති අතර, අනවසර ආගන්තුකයින්ට තහනම් භූමියකි.

බ්‍රිතාන්‍ය රජය පැවසුවේ, ඔවුන් “දීර්ඝ කාලීන විසඳුමක්” ලබා දීමට පියවර ගනිමින් සිටි බව ය.

“දියෙගෝ ගාර්සියා කියන්නේ සිවිල් ජනගහනයක් නැති හමුදා කඳවුරක් පවත්වාගෙන යන දූපතක්. ඒ වගේ ම, මේ සංක්‍රමණිකයින්ට දීර්ඝ කාලයක් ඉන්න සුදුසු තැනක් නෙවෙයි එතන,” බීබීසී පුවත් සේවයට කෙටි ප්‍රකාශයක් දෙමින් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

 

Related Articles