ජන බල පක්ෂ නායක  ඝාතනය  මෙහෙය  වුයේ  කවුද ?

ජන බල පක්ෂ නායක ඝාතනය මෙහෙය වුයේ කවුද ?

අපේ ජන වල පක්‍ෂය නායක සමන් පෙරේරාට බෙලි ඇත්තේදී එල්ල වුණේ චිකාගෝ පන්නේ ප්‍රහාරයකි. උදෑසන 8.30ට පමණ උදේ හා ආහාරය ලබා ගැනීම සඳහා ගිය  සමන් පෙරේරා ඇතුළු ඔහුගේ සගයින් හට ටී පනස් හය දෙකකින් ප්‍රහාර එල්ල වුයේ පරණ පන්නයේ කැබ් රථයකින් පැමිණි ප්‍රහාරකයින් ගෙන්  . ප්‍රහාරකයින්ට වෙඩි තැබීමේ මනා පළපුරද්දක් තිබෙන බව පෙනී යන්නේ ඉතා සුළු වේලාවක් ඇතුළත එකම සාක්ෂි කාරයෙක් වත් ඉතිරි නොකොට සියලු ඉලක්ක ගත හැකි වූ හෙයින්ය.

ඔවුන් ගෙන් හතර දෙනෙක් එතැනම මියගිය අතර තවත් කෙනෙක් රෝහලට ඇතුල් කිරීමේදී මිය ගොස් ඇත .

පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක ස මන් පෙරේරාට අමතරව මිය‍ ගිය අනෙක් හතර දෙනාය.

බිහිසුණු මරණ:
මේ දින කීපය තුල විවිධ ආකාරයේ ගැටළු මතු කෙරන බිහිසුණු මරණ කීපයක්ම සිදු වී ඇත .

කහතුඩුව මාර්ග බාධකය අසලදී පොලිස් නිලධාරියෙක් සියදිවි නසා ගැනීම, වැලිගමදී පොලිස් නිලධාරියෙක් වෙඩි වැදී මියයෑම , නාරම්ම ලදී තරුණයෙකුගේ හිසට පොලිස් නිලධාරියෙක් විසින් වෙඩි තැබීම , මාලිම් බඩදී සන්නිවේදන මධ්‍යස්ථානයක් අසලදී
මින්දික අළුත්ගමගේ තරුණයා මරා දැමීම යනාදී සිදුවීම් අතරට සමන් පෙරේරා ඇතුළු පිරිසගේ මරණත් එක්වෙයි .

මේ සිදුවීම් වලින් ඇතිවන්නේ ඉදිරියේදී අහි විය හැකි භීෂණකාරී තත්වයක් පිළිබඳව ඉඟියක් ලබා දෙන බවයි සංවිධනාත්මක අපරාධ පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් පවසන්නේ.

තංගල්ල උසාවියේ නඩු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක ගෙන් අපේ ජන බල පක්ෂයේ අයිතිය ලබා ගත් සමන් පෙරේරා ට එරහිව නොයෙ ක් චෝදනා සහ නඩු ඇතත් ඔහු මෙතෙක් උසාවියකින් වැරදිකරු වී නැත .

පසු ගියදා ඔහු තංගල්ල මහේස්ත්‍රාත් වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සැකකරුවෙකුට රැකවරණ ලබාදීමේ හේතුවටය . වෙඩි ප්‍රහාරයට ලක්වෙන ඩිෆෙන්ඩර් රථයක නැගී ඔහු ගමන් කරමින් සිටියේ තංගල්ල උසාවියේ නඩුවකට පෙනී සිටීමටය.
කොස්ගොඩ සුජී :

ඩුබාහි සිට ක්‍රියාත්මක වන කොස් ගොඩ සුජී නම් අපරාධකරු සමඟ කාලාන්තරයක් තිස්සේ පැවති ආරවුලක් සහ සුජී  ගෝලයෙකු මර දැමීමට සම්බන්ධ වීම යන හේතු මුල් කරගෙන සමන් පෙරේරා ඇතුළු පිරිසට මේ වෙඩි ප්‍රහාරය එල්ල වූ
බවට මත පළවී ඇත.ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිම්කරු වන සමන් පෙරේරා හට මීට පෙර ද වෙඩි ප්‍රහාර එල්ල වූ නමුත් ඔහුට දිවි ගලවා ගත හැකිවී තිබුනි.

ජාතික ලැයිස්තු ආසන මත්භේද:

අනෙක් මතය අනුව මේ බිහිසුණු ප්‍රහාරයට හේතු වී ඇත්තේ අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු ආසනය සම්බන්ධව මතුවුනු මත්භේදයකි .

අපේ ජන බල පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 67,750 ක් ලැබීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ඊට පත්වුණේ අතුරලියේ රතන හිමියන් ය. බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි මැතිවරණයට තරග වැදුණේ ද අපේ ජන බල පක්ෂයෙනි. මැතිවරණයෙන් අනතුරුව මන්ත්‍රී තනතුර ගැන ඇති වුනේ ආන්දෝලනාත්මක තත්වයකි .

අපේ ජන බල පක්ෂයේ ලේකම්ව සිටි වේදියගම විමලතිස්ස්ස ස්වාමින් වහන්සේ පැහැරගෙන යෑමත් සමඟ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ නමුත් පසුව සිදුවීම යටපත් වූ ආකාරයක් පෙනෙන්ට තිබින.

ජයග්‍රහණයෙන් පසු අතුරලියේ රතන හිමි,ගලගොඩ අත්තේ ඥානසාර හිමි සහ සමන් පෙරේරා අතර මන්ත්‍රී ධුරය බෙදා ගැනීමට තිබු එකඟතාවය බිඳ වැටීමේ හේතුවෙන් ගැටුම් කාරී තත්වයක් නිර්මාණය වූ අතර එම ගැටුම් සහ මෙම මරණ අතර සම්බන්ධයක් තිබිය හැකි හෙයින් ඒ පිළිබඳව විමර්ශනය කිරීම වැදගත් විය හැකි බව ට මත පළවී තිබේ

අපේ ජන බල පක්ෂයේ ලේකම්ව සිටි වේදියගම විමලතිස්ස්ස ස්වාමින් වහන්සේ දැන් උපදේශකයෙක් ලස කටයුතු කරන අතර උන්වහන්සේ කියා සිටියේ සමන් පෙරේරා හට මරණ තර්ජන තිබෙන බව ඔහු දැන සිටි බවයි .
මේ සම්බන්ධයෙන් වගකිවයුතු කවුරුන්දැයි විමසු විට ‘රාජ්‍ය පාලනය වග කියන්න ඕනේ’ යයි උන්වහන්සේ පැවසුහ .

 

Related Articles