ආණ්ඩුව ජනතාව බිය වද්දනවා

ආණ්ඩුව ජනතාව බිය වද්දනවා

මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කලයුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු සංවිධාන ගනනාවක් කියා සිටී


සම්මත කරගැනීමට සැලසුම්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ථ පනත ඇතුළු මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් කිහිපයම රටේ පුරවැසියන් බියවද්දමින් හා ජනතාවගේ අදහස් ප්‍රකාශකිරීම් අයිතිවාසිකම මැඬලමින්, ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජයගැනීමේ ඉලක්ක ඇතිව ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන පටු ක්‍රියාමාර්ග වශයෙන් තමන් දකින බව පෙන්වා දී ඇත

දේශබන්දු තෙන්නකෝන්:

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී තිබූ කෲර වධ හිංසා චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී ඔහු තනතුරෙන් ඉවත් නොකොට තවදුරටත් තනතුරේ තබාගැනීම මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේද ජනතා පරමාධිපත්‍යයේ මූලික කුළුණක් වන අධිකරණය නොතකා හරිමින් සහ එය හෑල්ළුවට ලක් කරමින් ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමට ඔවුන් තුළ පවත්නා අභිලාශය බවයි පැවසෙන්නේ .

මහජන පීඩාකාරී අණ-පනත්:
මහජනතාව විසින් ලබාදුන් ජනවරමකින් තේරී පත්නොවූ ජනාධිපතිවරයෙකු සහ මහජනතාවගෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප වී සිටින මහජන නියෝජිතත්වයකින් සමන්විත පාර්ලිමේන්තුවකට එවැනි මහජන පීඩාකාරී අණ-පනත් සම්මත කරමින් නව නීති පැනවීමට කිසිඳු සදාචාරාත්මත අයිතිවාසිකමක් නොමැති බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉදිරි මැතිවරණයකට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඉතා කෙටි කාලයක දී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනිමින් සියලු පුරවැසියන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීම සඳහා කැපවෙන ලෙස අපි සියලු මහජන නියෝජිතයින්ට යෝජනා කර‍න අතර සියලුම දේශපාලන පක්ෂවලට  බල කර සිටී .

කෙටුම්පතේ වගන්ති  සංශෝධනය:
ආණ්ඩුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පෙත්සම්කරුවන් 52 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ අතර පෙත්සම් විභාගය ආරම්භයේදීම නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම සම්පාදනය කළ පනත් කෙටුම්පතේ වගන්ති 35 ක් තමන් විසින්ම සංශෝධනය කිරීමට අදහස් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශකිරීමට නීතිපතිවරයාට සිදු වූ බවයි  පැවසෙන්නේ

කඩතොළු සහිත ලියැවිල්ලක්:දැඩිලෙස කඩතොළු සහිත ලියැවිල්ලක් නීතියක් බවට පත්කරගැනීමට දැරූ පටු උත්සාහය නිසා රටට සහ නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමක් වශයෙන් නීතිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව දැඩිලෙස කඩතොළු සහිත ලියැවිල්ලක් නීතියක් බවට පත්කරගැනීමට දැරූ පටු උත්සාහය නිසා රටක් වශයෙන් ශ්‍රී ලංකාවට බලවත් හානියක් සිදුවූ බවද අපගේ නිරීක්ෂණයයි. එමගින් රටට සහ නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමක් වශයෙන් නීතිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. එසේම රට තව තවත් අපකීර්තිමත් තත්ත්වයට පත් නොකොට මෙම කඩතොළු සහිත පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් වහා ඉල්ලා අස්කරගතයුතු බව මෙම නිවේදනයට අත්සන් කළ සංවිධාන කියා සිටී .

තරුණ ජනමාධ්‍යවේදීන් ගේ ගේ සංගමය ලංකා ගුරු සංගමය මුස්ලිම් මාධ්‍ය සාමුහිකය ,යාපනයේ මාධ්‍ය සමුහිකය, කළමනාකාර සේවා සංගමය , තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය .නීතිය සහ සමාජ භාරය ඇතුළු තවත් සංවිධන ග නනාවක් මෙම නිවේදනයට අත්සන් කොට ඇත

Related Articles