නාරම්මල  රොෂාන්තට දෙන්නේ  දේශ බන්දු අරමුදල්ද ?

නාරම්මල රොෂාන්තට දෙන්නේ දේශ බන්දු අරමුදල්ද ?

නාරම්මල නගරය ආසන්නයේ දී කේ.ඒ. රොෂාන්ත කුමා­ර­සිරි හිසට වෙඩි තබා මර දැමීම ගැන කණගාටුව පල කළ වයඹ නියෝජ්‍ය පොලිස්පති කියා සිටියේ මේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරියා සාමානය පුර වැසියෙක් සේ සලකා සාධරණ පරීක්ෂණයක් සිදු කරන බවයි.

පසුගිය 18 වැනි දා පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ සිවිල් ඇඳුමින් සැරසුන නාර­ම්මල පොලි­සියේ දූෂණ මර්දන අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති (උ.පො.ප) ගුණ­ව­ර්ධන ලොරිය නතර කොට ඇති නමුත් නතර නොකළ හෙයින් හඹා ගෙන ගොස් තමන්ගේ පිස්තෝලයට පතරොමක් ඇතුල් කොට වෙඩි තබා ඇත .
සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කළේ ලොරිය නතර කල පසු පොලිස් නිලධාරියා පිස්තෝලයට උණ්ඩයක් ඇතුල් කළේ වෙඩි තැබීමට බවයි .

මහ­ර­ච්චි­මුල්ල වෑත්තෑ­කන්ද, 05 කණුව පදිංචි තිදරු පියකු වූ කේ. ඒ. රොෂාන්ත කුමා­ර­සි­රිට ගේ මරණය පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පැවසුවේ මේ පොලිස් නිලධාරියාගේ මානසික රාමුව පිළබඳව කල්පනා කලයුතු බවය . රටේ සාමාන්‍ය ජනතාව අපරාධ කරුවන් සේ සලකා ක්‍රියාත්මක වන පොලිස් මානසිකත්වයක් ගොඩ නැගෙමින් පවතින බවයි උඩුවරගෙදර පවසන්නේ .

නාරම්මල පොලීසිය තුල මෙම මානසිකත්වය ගොඩ නැගුන හැටි තහවුරු නොවූ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.

 

නාර­ම්මල පොලි­සියේ දූෂණ මර්දන අංශයේ (උ.පො.ප) ගුණ­ව­ර්ධන යන නිල­ධා­රියා වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ලෙස පත් වී ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සමඟ නීති විරෝධි මත්පැන් ජාවා­ර­ම්ක­රු­ව­කු­ගෙන් රු. 10,000ක මුද­ලක් අල්ලස් ලෙස ගන්නා අව­ස්ථා­වේදී පසු­ගිය 16 දා අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රු­ව බව වාර්තා වී ඇත.
මේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පෙරේදා (18) උදෑ­සන දූෂණ මර්දන වැට­ලී­ම්ව­ලට යන බව සඳ­හන් කර පොලිස් ස්ථාන­යෙන් පිට වී ගොස් ඇති අතර, එහිදී මේ නිල­ධා­රියා හෝ සෙසු නිල­ධා­රීන් සිවිල් ඇඳු­මින් සැරසී යන බව සට­හන් කර නැති බවත්, සට­හන් තබා ඇත්තේ නිල ඇඳු­මින් සැරසී ගමන් කරන ආකා­ර­යට බවත් පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

 

යුක්තිය මෙහෙ­යු­මට අදා­ළව වැට­ලීම් කිරී­ම­ට­යැයි කියා උසස් නිල­ධා­රීන් කිසි­ව­කු­ගේත් අව­ස­ර­යක් නැතිව මේ නිල­ධා­රියා දූෂණ මර්දන අංශයේ නිල­ධා­රි­නි­යක සහ නිල­ධා­රීන් දෙදෙ­නක සමඟ පොලිස් ස්ථාන­යෙන් සිවිල් ඇඳු­මින් සැරසී පිටත්ව ගොස් ඇත්තේ සිවිල් ඇඳු­මින් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. මේ නිල­ධා­රියා සමඟ දූෂණ මර්දන වැට­ලී­මට ගොස් ඇත්තේ (පො.සැ) අම­ර­තුංග (40925), (පො.කො) කුල­සේ­කර (72817), (කා.කො) බාල­සූ­රිය (9516) යන නිල­ධා­රීහු පිරි­සය.

මෙදින දහ­වල් කාලයේ නාර­ම්මල පොලිස් වසම තුළ කර­ක්ගසා ඇති මේ නිල­ධා­රීන්ට කිසිදු සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වී දහ­වල් කාලයේ පොලිස් ස්ථාන­යට පැමිණ ඇත. එහිදී මේ නිල­ධා­රීන් රාජ­කා­රිය අව­සන් කිරීමේ සට­හන් නොදමා දහ­වල් ආහා­රය ගෙන පොලිස් ස්ථානය තුළ මඳ වේලා­වක් රැඳී සිට ඇත. දහ­වල් ආහා­ර­යෙන් පසු සැර­ය­න්ව­රයා සහ කාන්තා කොස්තා­ප­ල්ව­රිය  පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති බවත්, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා කවු­රුන් හෝ අල්ලා­ගෙන විත් දවසේ වැට­ලීම් ප්‍රමා­ණය සම්පූර්ණ කිරීම සඳහා (පො.කො) කුල­සේ­කර සමඟ නිල­ධා­රි­යාට අයත් පෞද්ග­ලික යතු­රු­පැ­දියේ නැගී ගමන් කර ඇති බවත් අභ්‍යන්තර පොලිස් තොර­තුරු වලින් දැන ගන්නට ඇත .

මේ නිල­ධා­රීන් දෙදෙනා සවස් කාලය වන තුරු නාරම්මල ප්‍රදේශයේ සැරිසැරුවත් කිසිදු සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යා­වක් ලැබී නැත. හිස් අතින් නැවත පොලිස් ස්ථාන­යට පැමි­ණී­මට මැළි­ක­මක් දැක්වූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා නාර­ම්මල හාල්වැල්ල හන්දිය අසල පොලිස් කොස්තාපල් කුඅල්සේකර සමඟ බොහෝ වේලාවක් රැඳී සිටි­යේය

කේ.ඒ. රොෂාන්ත කුමා­ර­සිරි පැදවූ Q 7238 අංකය දරන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරිය සිවිල් ඇඳුමින් සැරසී සිටි ගුණවර්ධන විසින් නතර කළ නමුත් එය නතර නොවූ තැන එය හඹා යෑමට ගුණවර්ධන තමන්ගේ මෝටර් සයිකලයට නැගුනේය .

ටික දුරක් ගිය රථය කඩ මණ්ඩිය අසල නතර විය . අසල සිටි අයෙක් පැවසුවේ අසභ්‍ය වචන කියමින් පිස්තෝලයට වෙඩි උණ්ඩයක් දමාගත් ගුණවර්ධන රොෂාන්ත කුමා­ර­සිරි ගේ හිසට පිස්තොලය එල්ල කල බවයි .
හිසත් ඉදිරි වීදුරුවත් පස කරගෙන ගිය උණ්ඩය අහුලාගත් ගුණවර්ධන එය තම සාක්කුවට දමා ගත්තේය.

අසළ සිටි තරුණයෙක් වහාම ජංගම දුරකථනයෙන් රූප ගත කිරීම ආරම්භ කළේය . එහි මෙසේ සටහන්ය :

“මූ මැරෙන්න ඇති නේද ? අනේ නෑ අපි එහෙම හිතාගෙන ආවේ නෑ. වෙඩි තැබූ උපපොලිස් පරීක්ෂක ගුණවර්ධන කියයි

අසල සිටි තරුණයෙක් කෙන්තියෙන් කථා කරයි : එහෙම කියන්න එපා සත්තු නෙවේනේ. බල්ලො බලල්ලු නෙවේනෙ ඔහොම මරලා දාන්න. ඔයාලා මාර මනුස්සයෝනේ….”

”මාර අත්වැරදීම් එව්වා… පොලීසියෙන් ආවා. අර මල්ලි නැවැත්තුවා. මෙතැන ඇවිල්ලා නැවැත්තුවාට පස්සෙ පිටිපස්සෙ සීට් එකේ ඉඳපු එක්කෙනා ඇවිල්ලා ගැහුවා. ඊළඟට අනිත් එක්කෙනා ඇවිල්ලා කුණුහරුපයක් කියලා වෙඩිතිබ්බා ඔළුවටම”

පොලිස් අරමුදලෙන් රුපියල් මිලියනයක්:

මේ වන විට මිය ගිය රොෂාන්ත කුමාරසිරි ගේ පවුලට පොලිස් අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නියෝගයෙන් ලබා දී ඇති බව පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙක් පැවසුවේ පිය අහිමිවූ වූ ඒ තුන්දරු පවුල අසරණ වී ඇති හෙයින් ඔවුන්ට මුදල් ලබා දීම සාධරණ නමුත් මහජන මුදල් වැය කොට මතුව ඇති මහජන විරෝධය යටපත් කිරීමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව හොයා බැලිය යුතු බවයි.

අනෙක් අතට සිදුවූ අපරාධයේ තරමට රුපියල් මිලියනයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනා පවසති

වැඩ බලන පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මියගිය රොෂාන්ත ගේ නිවසට ගොස් කියා සිටියේ පොලීසියේ නිලධාරීන් අසුපන්දහසක් සිටින බවත් ඒ කාටවත් මෙසේ ක්‍රියාත්මක වීමට කියා නැති බව පැවසුවේය. මේ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙක් පැවසුවේ දේශබන්දුද ඒ අසුපන්දහ අතුරින් ක්‍රියාත්මක නොවිය යුතු අයුරින් ක්‍රියාත්මක පොලිස් නිල ධාරියෙක් බව අධිකරණය මගින් තීරණය කොට ඇති බව ඔහූට අමතකද යන්න ප්‍රශ්න කලයුතු බවයි

 

Related Articles