ආගමන විගමන පාලකගේ දෙබිඩ්ඩ

ආගමන විගමන පාලකගේ දෙබිඩ්ඩ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ නඩුවට අභියාචනා කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආගමන විගමන පාලක ජනරාල්වරයා දෙබිඩි පිළිවෙතක් අනුගනය කොට ඇති බවයි


ඩයනා ගමගේ ඇතුළු වීමේ සහ පිටවීමේ තොරතුරු ඇතුළත් ලේඛනයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා මුලින් දිව්රුම්
ප්‍රකාශයක් කොට ඇති අතර පසුව මේ තොරතුරු විමසන්නේ කවර ඩයනා ගමගේගේ කෙනක් ගැනදැයි තමන්ට පැහැදිලි නැති බව පවසා ඇත .නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අසන්නට ලැබුණේ හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව ලිඛිතව ප්‍රකාශ කර ඇති බවයි. තත්වය එසේ තිබියදී වත්මන් ආගමන විගමන පාලක ජනරාල්වරයා ඩයනා ගමගේ ගේ අනන්‍යතාව අපැහැදිලි බව දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරන්නේ කෙසේදැයි අධිකරණය ප්‍රශ්න කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව ඇති සියලුම නීතිමය ප්‍රශ්නවලට අභියාචනා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර එය පෙබරවාරි 12 වැනිදාට කරුණු දැක්වීමට නියම කළේය. සියලු පාර්ශ්ව දැඩි ලෙස කාලසීමාවන් අනුගමනය කලයුතු බව අධිකරණය පැවසීය.

ඩයනා ගමගේ මෙරට පුරවැසියෙකු නොවන බවට සාක්ෂි තිබියදී අභියාචනාධිකරණය මූලික විරෝධතාව මත තමාගේ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කියමින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා සිටින බැවින් ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බව ආගමන විගමන පාලකවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලිපිය

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලිපියක සඳහන් වූයේ ගමගේ මහත්මිය 2004 වසරේ සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ඇති බවයි. ඇය සතුව එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍ර අංක 521398876 හිමිව ඇති බවයි .”කෙසේ වෙතත් ඇය 2014 ජනවාරි 24 දින N 5091388 දරන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සමත් වී ඇත. ඇය 2018 නොවැම්බර් 5 වන දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද ලබාගෙන ඇත. ඇය ඒ බව සනාථ කරන ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් නැවුම් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැක. ඇය එක්සත් රාජධානියේ පුරවැසිභාවය අතහැර දමා ඇත,” පාලකවරයා සිය ලිපියේ සඳහන් කොට ඇත .

බැලූ බැල්මට පෙනෙන්නේ මේ ‘කෙසේ වෙතත්’ කොටස දැන් පැහැදිලි විය යුතු බවයි.

ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද වීසා ඉල්ලුම්පත්‍රවල ලේඛන ද පාලකවරයා අමුණා ඇත.

මුජිබර් රහමන් මේ ප්‍රශ්නය මතු කරන අවස්ථාවේදී සභා ගර්භයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය නාටකයක් බවට පත් නොකරගන්න ලෙසයි. “ගමගේ මහත්මිය ඔබට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්නේ. ඒ නිසා එතුමියගේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධය ප්‍රශ්නයක් කරගන්න එපා” යැයි ජනාධිපතිවරයා පැවසීය.

Related Articles