විමල් වාසු ගම්මන්පිල එක රොත්තට අතර මං

විමල් වාසු ගම්මන්පිල එක රොත්තට අතර මං

විමල් වීරවංශ , ගම්මන්පිල ,සහ වාසුදේව නානායක්ක්කර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ සියලු දෙනාම මේ වන චිට දේශපාලන වශයෙන් අතරමන්ව සිටිති . ජාතික ජන බලවේගයේ දොර මේ පිරිසට ඇරෙන්නේ නැති බව ලාල් කාන් ගේ ප්‍රකාශයෙන් පැහැදිලිය .


දැන් ඔවුන්ට ඇත්තේ එකම විකල්පයකි .ඒ කොතරම් දුර්වල වූ වත් තමන්ගේ පෙරමුණක් වෙනුවෙන් පෙනී සිටීමයි .

මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ පිහිටුවීමට යන සත්‍ය කොමිසම් පනත මුල් කර ගෙන විරෝධතා ව්‍යාපාරක් ආරම්භ කිරීමයි .

ආරක්ෂක ප්‍රධානින් බේරා ගැනීම ඔවුන්ගේ අභිප්‍රායයි . වැඩි විරෝධයකට ලක් නොවී දේශපාලන වේදිකාවට ගොඩවැදීමට අවස්ථාවක් පාදා ගත හැකි බව වීරවංශ පිළ දනී,

විමල් වීරවංශ ඇ තුලු කණ්ඩායම මේ අදහස් දක්වන්නේ ජාත්‍යන්තර පෙළ ගැසීම් ගැන කිසිදු තැකීමකින් තොරවය. මේ අදහස් දැක්වීම සමාන වෙන්නේ ‘ලෝක බැංකුවේ ප්ලග් එක ගැලවීමේ ‘ න්‍යායට සමාන ලෙසින් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති .
ගිලෙන මිනිසෙකුට පිදුරු ගහත් වැදගත් වන හෙයින් වීරවංශ ගේ මෙහෙයුමේ අරමුණ තේරුම් ගැනීම අසීරු නැත

 

https://www.youtube.com/live/qzoY3LcIEZc?si=D9BWpI9a_vmwiNSe

 

Related Articles