ආණ්ඩුව  සරුද  -නිසරුද ?

ආණ්ඩුව සරුද -නිසරුද ?

වර්තමාන ආණ්ඩුව පිළිබඳව මිශ්‍ර පින්තුරයක් මතුවෙමින් පවතී.  වසර 25කට පසු හිඟ මුදල් ගෙවීමකින් තොරව අවසන් වූ පළමු වසර වන සියලුම සහතික කළ වියදම් සඳහා ගෙවීම් කරමින් ශ්‍රී ලංකාව 2023 අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය කාර්යාලය පවසයි. දෙසැම්බර් 15 දක්වා බිල්පත් ඉදිරිපත් කර ඇති සියලුම අනුමත සහ සහතික කළ ගෙවීම් ගෙවා අවසන් බව එම නිවේදනයේ දැක්වේ.

“ඒ අනුව 2023 වසර 25 කට පසු සියලුම අනුමත ගෙවීම් ගෙවා ඇති පළමු අවස්ථාව බවට පත්වේ” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් වේ.

අනෙක් අතට ආණ්ඩුවට ලෝක ආසන්නය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් නය ලබා ගත හැකි වී තිබේ. ආණ්ඩුවේ මුල්‍ය සැලසුම් සහ ගමන් මග පිළිබඳව සාධනීය ප්‍රකාශ පලවී තිබේ.

කාසියේ අනෙක් පැත්ත :

ඉහතින් දැක්වූ කරුණු සියල්ලම ආර්ථිකයේ සාර්ව ආර්ථික ක්ෂේත්‍රයට (ලොරි ටෝක් ) ගනයට එකතු කල හැකි ප්‍රකාශය , රටේ ආර්ථික තත්වය දැවැන්ත අර්බුදයට තල්ලු වෙමින් පවතින් බව මිළ ගනන් වැඩිවීමෙන් පෙනීයයි .එළවුළු ගිනි ගනන්ය. ලොකු ලුණු මිල හයසීයට ආසන්න්නය. ජල බිල ඉහළ ගොසින්ය. සෙසු වැට් මිළ ආදී කිරීම් මග එන ගමන්ය. අනෙක් අතට ගෝලීය මට්ටමෙන්ද අසුභ ලකුණු මතුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

මේ සියල්ල ජනතාව මත පටවන්නේ දැඩි පීඩනයකි .මේ පීඩනයට අසංවේදිව රටක් පාලනය කරන්නට යෑම අනතුරැ දායක විය හැකිය. ලබන වසර මැතිවරණ වසරයි එහෙත් මැතිවරණ පැවැත්වීමට රටක් තිබිය යුතුය.

Related Articles