පොලීසිය ගෙවල් වල වන්  හුන් හොයන එක හරිද ?

පොලීසිය ගෙවල් වල වන් හුන් හොයන එක හරිද ?

පොලීසිය ගෘහස්ථ පදිංචිකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම පිළිබඳව විවාදාත්මක තත්වයක් ඇතිවී තිබේ. රටේ ආරක්ෂාව පිළිබඳව විශේෂ ගැටළුවක් නොමැති අවස්ථාවක මෙවැනි තොරතුරු එකතු කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි එක් පිරිසක් ප්‍රශ්න කරන අතර තවත් පිරිසක් පවසන්නේ තමන් වරදක් කරන්නේ නැතිනම් තොරතුරු ලබාදීමේ වැරැද්ද කුමක්ද යැයි ප්‍රශ්න කරති .

ලංකා නිව්ස් ලයින් වෙත අදහස් පලකළ නීතිවේදියෙක් පැවසුවේ මෙතැන ඇති ගැටළුව වන්නේ තොරතුරු ලබාදීම හෝ ලබාදීම නොව ලැබෙන තොරතුරු වලට කුමක් සිදුවන්නේද යන්න බවයි .

ගෘහස්ථ පදිංචිකරුවන්ගේ තොරතුරු ලැබුණු පසු එම දත්ත පරිහරණය කරනු ලබන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් නොමැතිව දත්ත එක්රැස් කිරීම හෝ පුර්ව අවසරයකින් තොරව දත්ත ගබඩා නොකිරීම දත්ත සුරැකුම් ක්‍රමවේද වල මුලිකා මුලධර්මයකි .

“ගෘහ මූලික ලැයිස්තුව – පොලිස් ආඥා පනතේ 76 වගන්තිය යටතේ කරනු ලබන ප්‍රකාශය” නමැති පත්‍රිකාව බෙදා හරිමින් දත්ත එක්රැස් කිරීම ආරම්භ වී තිබේ

ඉහත කී 76 වගන්තිය මෙසේය:

“එකී නගරයෙහි සීමා ඇතුළත සිටින සෑම ගෘහ මූලියෙක්ම, ඔහුගේ කොට්ඨාශයේ පොලිස් නිලධාරියා විසින්, එකී නගරයෙහි සහ සීමා ඇතුළත, අධිකරණ බලය හිමි මහේස්ත්‍රාත්වරයෙකුගේ පොලිස්පතිගේ නියෝග යටතේ එම ගෘහයෙහි නිවැසි සියළුම පදිංචිකාරයන්ගේ නාම ලේඛනයක් ඉල්ලු විටක, මෙහෙකරුවන් හෝ එහි පදිංචිව සිටින වෙනත් තැනැත්තන් හෝ පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව දැක්වෙන නාම ලේඛනයක් එකී පොලිස් නිලධාරි තැනට සැපයිය යුතුය. තවද, පොලිස්පතිගේ හෝ මහේස්ත්‍රාත්වරයාගේ ආඥාවෙන් නියම කරනු ලැබුවහොත්, තම ගෘහයෙහි පදිංචි සංඛ්‍යාවෙහි වැඩි වීම හෝ අඩු වීම හෝ වෙනස් වීම ඉහත දැක්වූ පරිදි වාර්තා කළ යුතුය. එකී ආඥාව යටතේ එබඳු දැන්වීමක් ලැබීමෙන් පසු, තම කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් නිලධාරියාට නොදන්වා කිසිම ආගන්තුකයෙකු තම නිවසෙහි නවත්වා නොගත යුතුය. මෙම වගන්තියෙන් නියමිත යම් යුතුකමක් පැහැර හරන සෑම තැනැත්තෙකුම වරදක් කරන අතර, රුපියල් 50 කට වැඩි නොවන දඩයකට ඔහු යටත් වන්නේය.”

Related Articles