වැට්  නිසා වෙළඳපොල විකෘතියක් – ජල ගාස්තු ඉහළට

වැට් නිසා වෙළඳපොල විකෘතියක් – ජල ගාස්තු ඉහළට

වැට් බදු වැඩිවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු ඉහළ දමා ඇති බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව ජල ගාස්තු 3% කින් වැඩි වන බවයි වාර්තා වන්නේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යායුතුව ඇති බවයි.

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ.

රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක් (38757) මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

Related Articles