ඩයස්පෝරාවත්  චන්ද සටනට

ඩයස්පෝරාවත් චන්ද සටනට

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් වීමට ඉඩ ඇත. ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ අනුග්‍රහය කෙලින්ම ලබන පිරිසක් පාර්ලමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු ද වන සුභාෂ්කරන් අලිරාජා ඩයස්පෝරා මෙහෙයුම දියත් කිරීම සඳහා ‘අරුණලු පීපල්ස් එලයන්ස්” නම් වතුකර දේශපාලන පක්ෂය තමන්ගේ අතට ගෙන ඇති බව දේශය පුවත්පත වාර්තා කොට ඇතත් මේ පිළබඳව නිකුත් වී නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට පැමිණි අවස්ථවේදී සුභාෂ්කරන් අලිරාජා හමු වූ අතර දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කොට සංහිඳියාව ඇති කළ හැකි ආකාරය පිළිබඳව කතාබස් කල බව මාධ්‍ය වාර්තා කළේය .

මේ හමුව ගැන අදහස් පලකළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ සුභාෂ්කරන් අලිරාජා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මිළදී ගැනීමට උත්සාහ කරමින් බවයි.

Related Articles