නයිජීරියානු  පෙම්වතුන්  අත්අඩංගුවේ

නයිජීරියානු පෙම්වතුන් අත්අඩංගුවේ

සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතික පෙම්වතුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර බලපත්‍ර අධිකරණය සතුව ඇත්තේ ඔවුන් මීට පෙරත් අත් අඩංගුවට පත් වූ බැවිනි අනාවරණය වී ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වා ගනිමින් මුදල් වංචා කර ඇති බවයි කාන්තාවන් පැමිණිලි කොට ඇත්තේ. මෙම මුදල් වංචා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි තුනක් කාන්තාවන් තිදෙනෙකුගෙන් ඉදිරිපත් වේ ඇත .

2023.01.19 වන දා රුපියල් 1,045,000ක මුදලක් ද 2023.03.07 වනදා 10,222,634 ක මුදලක් හා 2023.07.06 වනදා 18,531,676 ක මුදලක් ද වංචා කර ඇති බවට මෙම කාන්තාවන් පැමිණිලි කර ඇත.

එක් කාන්තාවට මෝටර් රථයක් දිනුම් ඇදුණු බව පවසමින් දිනුමේ වටිනාකම චෙක්පතක් මගින් ද මෝටර් රථයේ අනෙකුත් ලියකියවිලි කුරියර් සේවාවක් මගින්ද යොමු කළ බවත් පවසා මෙම පුද්ගලයින් විසින් මුදල් වංචා කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගනිමින් සැකකරුවන් දෙදෙනා අලුත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

CCTV දර්ශන අනුව මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී ATM වර්ගයේ කාඩ්පත් 14ක් ද ජංගම දුරකථන 05ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related Articles