අල්ලසට කොටුවී ගැලවෙයිද නීතිවේදි පට්ටම් ?

අල්ලසට කොටුවී ගැලවෙයිද නීතිවේදි පට්ටම් ?

රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව ගේ නිවස වටලන අවස්ථාවේදී නීතිඥවරියක් යයි තමන් හඳුන්වා ගත් කාන්තාවක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුට කථා කොට අල්ලස් ලබාදීමට තැත් කරන සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥය සංගමය ලංකා දැඩි විමර්ශනයක නිරතව සිටින බව දැනගන්නට තිබේ .

මේ වන විටත් ගම්පහ ආශ්‍රිතව ක්‍රියාත්මක වන මේ කාන්තාව හඳුනා ගෙන ඇති බව ලංකා නිව්ස් ලයින් වෙත් කතා කළ නීතිවේදියෙක් පැවසීය .

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂාකර ඉතා සූක්ෂමව නිවස තුල බංකරයක සඟවා තිබු ලක්ෂ 22කට අධික මුදලක් සොයාගැනීමට හැකි වී තිබේ.නිවසේ විමර්ශනය හමාර කොට සහකාර පොලිස් අධිකාරිවරයා තමන් වෙත ගෙන්වා ගැනීමට මේ කාන්තාව උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබේ .

අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදක් වන අතර මේ අවස්ථාවේදී යුක්තිය පසිඳලීමට බාධා කිරීමේ චෝදනාද ඉදිරිපත්වීමට ඉඩ ඇති බවයි නීතිවේදීන් පවසන්නේ .කෙසේ වෙතත් සියල්ලට පෙර මේ හඬ පටයේ සත්‍යතාව තහවුරු කර ගත යුතුව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ තරංග සේමසිංහට දුරකථනය ඔස්සේ අමතා අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කරීම පිළිබඳව පොලිස් පරීක්ෂන ආරම්භ වී ඇත.

සවන් දෙන්න හඬපටයට :

Related Articles