නව පාර්ලිමේන්තු වරායෙන් රන්ජිත් ගැලවෙයි ?

නව පාර්ලිමේන්තු වරායෙන් රන්ජිත් ගැලවෙයි ?

ලබන සතියේ මැතිසබය වාර අවසාන කිරීමත් සමඟ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සභාපති ධුර දරන පොදු ව්‍යාපාර කාරක සභා වේ සභාපති තනතුර අහෝසි වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයේදී රන්ජිත් බණ්ඩාර හස්ත මුද්‍රාවෙන් ක්‍රිකට් නිලධාරීන්ට ඉඟි කරමින් ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිකර ගනිමින් අපකීර්තිමත්ව හැසිරුන බවට විපක්ෂය චෝදනා කළේය.

ඔහු ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් හා ගනු දෙනු කල බවත් හෙළිදරව් විය. මේ පිළිබඳව ඉදිරිපත් වූ චෝදනා විමර්ශනය කිරීමට පියවර ගන්න බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවත් මේ තාක් ගත් පියවරක් ගැන දැන ගන්නට නැත. ප්‍රධානම මැතිසබා කමිටු 3ද අහෝසි වීමට නියමිතය.

දැනට ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාවටත්, ලසන්ත අලගියවන්න සභාපතිත්වය දරන රාජ්‍ය ගිණුම් කාරක සභාවත් අහෝසි වනු ඇත. නව පාර්ලිමේන්තු වාරයේදී මේ කාරක සභා වලට නව සභාපතිවරුන් පත්කරගත යුතුය. රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය සම්ප්‍රදායිකව දරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙකි .

Related Articles