චීන තානාපති උතුරට ගියේ ඇයි ?

චීන තානාපති උතුරට ගියේ ඇයි ?

චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව මුල් කරගෙන සීතල බලපොරයකට අවතීර්ණය වේ සිටින අතරේ චීන තනාපති වරයා යලිත් වතාවක් උතුරට ගමන් කිරීම පිළිබඳව යාපනේ දේශපාලඥයින් අතරේ කතා බහක් ඇති වී තිබේ .

මීට පෙර තානාපති වරයා ඉන්දු ලංකා දේශ සීමාව අසලටම බෝට්ටුවකින් ගොස් පෙරළා පැමිණි විට මාධ්‍යවේදීන් හට පසුවේ තමන් ගියේ ශ්‍රී ලංකාවේ කොටසක් වන යාපනයට බවයි .
එහි යටි අරුත වන්නේ ‘මම ලංකාවේ චීන තානාපති ඉතින් මම ගියාම වෙන්නේ මොකද වෙන්නේ ? යන්නයි .

චීන ආධාර

මෙවර තානාපතිවරයා නොවැම්බර් 5 වැනි දින වවුනියාවට ගිය අතර එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වූ අතර එහිදී රුපියල් 7500 බැගින් වූ වියළි සලාක පාර්සල් 500ක් උතුරේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දෙන ලදී.

එම පළාතේ ධීවරයින් සඳහා නිවාස ව්‍යාපෘතියක් සහ ධීවර දැල් ඇතුළු වියළි සලාක පාර්සල් සඳහා තම රජය රුපියල් මිලියන 155 ක් වෙන් කර ඇති බව තානාපති Qi Zhenhong පැවසීය.
පසුව ඔහු යාපනයට ගොස් මන්නාරමට පැමිණීමට පෙර සුප්‍රසිද්ධ නල්ලූර් කන්දස්වාමි කෝවිලේ ආගමික උත්සවවලට සහභාගි විය.

මෙම වියළි සලාක පාර්සලය චීන ශ්‍රී ලංකා බෞද්ධ ආගමික වැඩසටහන යටතේ චීනයේ බෞද්ධ විහාරස්ථාන සහ බෞද්ධ ජනතාව විසින් උතුරේ ජනතාවට පරිත්‍යාග කිරීමක් බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මීට පෙර (2021 දී සිදු වූ පරිදි), මෙවර සංචාරයට ද දෙමළ දේශපාලනඥයන්ගෙන් ලැබුණේ නිෂේධාත්මක ප්‍රතිචාරයකි. දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ දැඩි බලපෑමට යටත් චීනය සමඟ ඇයි හොඳයියකට යෑම එතරම් ගුණදායක නැති බව ඔවුන්ට හිතෙනට ඇත.

ප්‍රධාන දේශපාලන පක්ෂ තානාපති සංහාරය ගැන මුනිවත සුරැකි අතර දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු සාමාජිකයින් විසින් පිහිටුවන ලද පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදි සටන්කාමීන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකය පැවසුවේ චීන තානාපති ගමන මෙන්ම චීන සන්තොෂම්ද එතරම් ගුණදායක නොවන බවයි

චීනය උතුරේ ශක්තිමත්ව රැඳී සිටීම උතුරේ දෙමළ ජනතාවට සහ එහි පැවැත්මට හානිකර බවයි හිටපු සටන්කාමීන් අනතුරු අඟවා තිබුනේ .පෝක් සමුද්‍ර සන්ධියේදී ඉන්දියාව සහ චීනය අතර බල අරගලයක් ඇති වුවහොත් දෙමළ ජනතාව අනතුරේ වැටෙනු ඇති බව ඔවුන් පෙන්වා දුන්හ .

පෝක් සමුද්‍ර සන්ධිය දෙපස සිටින ද්‍රවිඩයන් – උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ සහ තමිල්නාඩුවේ සහ කේරළයේ ද්‍රවිඩ ප්‍රජාවන් දෙකක් – ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සඳහා සහතිකයක් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.

උතුරේ දෙමල ජනතාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික, භාෂාමය සහ සංස්කෘතික සාධක ගැන හොඳින් දන්නා චීනය උතුර වෙත නැඹුරු වන්නේ උතුරේ ජනතාව දින ගැනීමට වඩා ඔබේ පිට්ටනි වල අපිටත් සෙල්ලම් කල හැකිය යන්න ඉන්දියාවට කියා පෑමට බව ඇතැම් විචාරකයින් පෙන්වා දෙති.

අනෙක් අතට බෙදුම්වාදී යුද්ධය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රශ්නවලදී හැමවිටම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ කටයුතු කල චීනය දැන් උතුර කරා නැඹුරු වන්නේ දෙමළ දේශපාලන බල ක්ෂේත්‍රය තුළ ස්ථානගත වීමට විය හැකිය. සමස්තයක් ලෙස චීනා ලේසියෙන් වැඩේ අත හැරීමට සුදානම් නැත.

Related Articles