තනිව අවසන් ගමන ගිය රතු නෝනා

තනිව අවසන් ගමන ගිය රතු නෝනා

අමිලා විමානි සටන්කාමී දේශපාලන ක්‍රියාධාරිනියක් වුවාය . අසල්වාසීන් ඇය හැඳින්වුයේ රතු නෝනා නමිනි.

“ගැහැනු අපි එක මිටට“ ජාතික ජන බලවේග කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් පක්ෂය වටා ගමේ කාන්තාවන් රැස් කරන්නේ අමිලා විමානිය තෙල්දෙණියේ පැවති රැස්වීම් මාලාව සංවිධානය කිරීමට යෝධ හයියක් වී තිබුණේ අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිය.මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක් වන ඇය එහි සේවය කරනු ලැබුවේ සමූපකාර පරීක්ෂකවරියක් ලෙසිනි.

පක්ෂයේ තවත් විවාහක පුද්ගලයෙක් සමඟ පැවැත්වූ සබඳතාවක් සැමියා සමඟ ආරවුලට හේතුවූ බව පොලිස් පරීක්ෂන වලදී අනාවරණය වී ඇත .

බහු විධ තුවාල

අමිලා විමානිගේ මරණය සිදුව තිබුනේ මොට ආයුධයකින් හිසට හා පපු ප්‍රදේශයට පහරදීමකින් සිදුවූ බහු විධ තුවාල හේතුවෙනි. ඇගේ ඉල ඇට තුනකට ද මෙහිදී හානි සිදුව තිබුනි.

වැසිකිළියේ වැටුණු බව මුලින් කීවත්, පසුව පඩිපෙළින් වැටී තුවාල වූ බව කීවත් අමිලා විමානිට සැබෑ ලෙසම තුවාල සිදුව ඇත්තේ පහරදීමකිනි. ඇය මියයන්නේ ද එම පහරදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව ඇගේ මරණය හදිසි අනතුරක් නොව මිනිස් ඝාතනයක් බව පැහැදිලි විය . අමිලා විමානිට පහර දී හිස බිත්තියේ ගසා තිබුනි . රුධිර පැල්ලම් සමඟ බිත්තියේ හිසකෙස් ඇලෙන්නේ එම පහරදීමෙනි.

දරුණු සහ අමානුෂික පහරදීමකට

මේ හැමදෙයක්ම සිදුව ඇත්තේ 24 වෙනිදා රාත්‍රී කාලයේදී සාලයත් මුළුතැන්ගෙයත් අතර කොටසේය. 1990 සුවසැරිය ගිලන් රථය කැඳවා ඇත්තේ 25 වෙනිදා අලුයම 5.00ට පමණය. ඒ අනුව පෙනී යන්නේ පහරදීමෙන් තුවාල ලැබූ ඇය පැය ගණනාවක් නිවෙස තුළ රැඳී සිට ඇති බවය. මේ කාලය තුළ ඇය සිටින්නට ඇත්තේ ඇඳ මතය. ඒ එහි ලේ පැල්ලම් ඇත්තේ එබැවිනි. ඉතා දරුණු සහ අමානුෂික පහරදීමකට ලක්ව සිටි ඇය මේ කාලය තුළ දැඩි වේදනාවකින් පීඩාවිඳිමින් සිට ඇත්තේ අඩුම තරමින් ප්‍රඵමාධාරයක් වත් නොලබාය. රෝහල්ගත කළත් දැඩි සත්කාරයක් තුළ ප්‍රතිකාර ලැබුවත් ඇයට ජීවත්වීමට වාසනාවක් උදා නොවන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.

කෙසේ වෙතත් අවසානයේදී ඇගේ සිරුර භාර ගැනීමට ඉදිරිපත් වන්නේ ද ඇගේ සැමියාය. රෝහලින් නිදහස් කරගත් සිරුර භූමදානය කරනු ලබන්නේ මහයියාව පොදු සුසාන භූමියේය. ඒ ඇගේ සිරුර නිවෙසටවත් රැගෙන නොයාය. අඩුම තරමින් ඇගේ තනි නොතනියට ඇය පස්සේ වැටී සිටි කිසිවකුත් ඒ අවසන් මොහොතේ ඇය සමඟ නොසිටියහ

Related Articles