තලංගම ජයසිංහ-සුබ  ගමන්

තලංගම ජයසිංහ-සුබ ගමන්

1952 වසර වන විට ‘ටාසන්’, ‘පැන්ටම්’ වැනි බටහිර ආරේ චිත්‍රකතා, සිංහල භාෂාවෙන් පළ කෙරිණ. මුල්වරට ස්වතන්ත්‍ර චිත්‍රකතා පළකළේ, 1954 වසරෙ දී ය. ඒ දිනමිණ පුවත්පතෙනි. ‘චිත්‍රා’ නම් චිත්‍රකතාව පළවන්නේ එලෙසිනි. එහි චිත්‍ර ශිල්පියා වූයේ, 18 හැවිරිදි වියේ වූ තලංගම ජයසිංහ නම් යෞවනයා ය.

ජයසිංහ උපන්නේ, 1936 වසරේ ජූලි මස 05 වෙනිදාය. ඔහු, අධ්‍යාපනය ලබන්නේ, දකුණු තලංගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලෙනි. සාමාන්‍ය පෙළ සමත් අනතුරුව මේ යෞවනයා රජයේ කලායතනයෙන් පස් වසරක චිත්‍රකලා පාඨමාලාව හැදෑරීය. අනතුරුන 1957 වසරේ දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ විය. ‘ඇටසැකිල්ල’ නමින් සිය දෙවන චිත්‍රකතාව, ‘සිළුමිණ’ පුවත්පතට නිර්මාණය කරන්නේ මේ අතරය. එතැනින් ආරම්භ කළ තලංගම ජයසිංහගේ, චිත්‍රකතා කලාව නොනැවතී ඉදිරියට ගමන්කෙරිණි. ‘මිනිස් දඩයම’, ‘පණට පණ’, ‘මා ආලය කළ තරුණිය’, ‘ව්‍යාඝ්‍රයෝ’ ආදිය එයින් සමහරකි. දිනමිණ, ජනතා, තරුණී, නවයුගය, සරසවිය, සතුට සහ මධුර යන ලේක්හවුස් ප්‍රකාශන සඳහාත් මල්ටි ෆැක්ස් ආයතනයේ ‘සිත්තර’ චිත්‍රකතා පුවත්පතට ද ඔහු කළ චිත්‍රකතා රැසකි. එසේම ඒවා ඒ යුගයේ, චිත්‍රකතා රසිකයන් අතර උන්මාදයට පත්විය. ජයසිංහ, ‘මධුර’ චිත්‍රකතා පුවත්පතේ, කර්තෘවරයා ද වූයේය. එහි වසර 18 ක් චිත්‍රකතා කලාව වෙනුවෙන් අනුපමය දායකත්වයක් සැපයීය. අනතුරුව ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම යෑමෙන් පසු ලංකාදීප පුවත්පතට සම්බන්ධ ව කටයුතු කළේය.

ගෝල් ෆේස් අරගලයේ

 

ඔහු ලේක්හවුස් පුවත්පත් වලට චිත්‍ර කතා රචනා කර ඇත. “සුනඛ දේශය” හා “විනෝද වටය” යනුවෙන් සිළුමිණ පත්තරයට හා “විලම්බීත” හා “කුරුමිණි සඳෙස” නමින් සරසවිය පත්තරයට කළ විශේෂාංග ද “තවත් අවුරුදු සියවසකට පසු” යනුවෙන් සිළුමිණට ඔහු ලියූ විශේෂාංගය ද ජනප්‍රිය විය.

2005 දී පිස්සු ඩබල් නමින් උපහාසාත්මක ග්‍රන්ථයක්ද පළ කෙළේය.

චිත්‍රකතා කිහිපයක්
• ඇටසැකිල්ල, සුදු සහ කළු, රතු අක්කා, තාත්තා (සිළුමිණ)
• පර්සියස්, ලොකු තාත්තා, නෝනා ලීසා (දිනමිණ )
• වියරු මුහුද (කතාව වජිර ජයනෙත්ති ) (සතුට )
• කල්හාරි, ජැකී සහ විකී,, ඒරියස් හීරා (කත)

‘සප්ත කන්‍යා’
ප්‍රවීණ චිත්‍රකතා ශිල්පි , තලංගම ජයසිංහගේ අතින් හැඩවූ චිත්‍රකතා අතර වඩාත් රසික අවධානයකට සහ ජනප්‍රියත්වයකට තුඩුදුන්නේ “වියරු මුහුද’ චිත්‍රකතාවය. එය සතුට චිත්‍රකතා පුවත්පතේ පළවූවකි. සරල ප්‍රේමකතාවකට එහාගිය ‘වියරු මුහුද’ චිත්‍රකතාවේ වූයේ, දීප්ති නම් ගණිකාවක හා අනිල් නම් ඡායාරූප ශිල්පියකුගේ ප්‍රේමවෘතාන්තය වේ. අතිශ්‍යය ප්‍රේමණීය වූ මෙම චිත්‍රකතාව, පසුකලක දී සිනමාපටයක් ලෙස ජීවමාන ව, 1993 වසරේ, ජූලි මස 16 වන දින තරගතවිය. ඒ ‘සප්ත කන්‍යා’ නමිනි. මෙහි අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. රේමරත්න වේ. සිනමාපටයෙ දී අනිල්, කමල් අද්දරආරච්චි වූ අතර දීප්ති, වූයේ සංගීතා වීරරත්න ය.
චිත්‍රකතා කලාව ඇතුළෙ අනුපමේව දායකත්වයක් සපයා, රසිකජන වශීකළ, යුගයක පුරාවෘත්තයක්.

.

Related Articles