දිලිත් එක වල්ලක පොල්

දිලිත් එක වල්ලක පොල්

අපට අහිමි වූ ජනාධිපතිවරුන් ලෙස වූ ගාමිණි දිසානායක ,උපාලි විජේවර්ධන සහ ලලිත් ඇතුලත්මුදලි සිහිපත් කළ හිටපු ඇමති සරත් අමුණුගම පැවසුවේ දිලිත් ජයවීරද ඒ වල්ලෙම පොලයක් බවයි.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩා අංගනයේ පැවති මව්බිම ජනතා පක්ෂයේ නායක සභාපති ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ රට මෙහයවීමට දිලිත් ජය වීර වැනි ජව සම්පන්න තරුණ නායකත්වයක් අවශ්‍ය බවයි.

මෙම රැස්වීම සඳහා සෑහෙන පිරිසක් එක්ක්කර ගැනීමට හැකිවීම තුලින් පිරිස් කැඳවා ගැනීමට දිලිත් ජයවීර ට ඇති හැකියාව පෙන්න්නුම් කරමින් ගමන ආරම්භ කොට ඇත.
දෙරණ මෙම අවස්ථාවට ගැලපෙන ලෙස වාර්තා කොට තිබින .

 

අනෙකා කව්ද ?

මව් බිම ජනතා පක්ෂය මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය තමන්ගේ අනෙකා කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ .

පක්ෂය දිලිත් ජයවීරට ලබා දුන් ප්‍රේම කුමාර නානායක්කාර හිටපු මන්ත්‍රී වරය පැවසුවේ ඉන්දියාව අනුර කුමාරට වාංග මචන් වාංග කියන විට ටිල්වින් , ලාල් කාන්ත සහ සමන්ත විද්‍යාරත්න අවුලට පත් වී ඇති බවයි .

දිලිත් ජයවීර කියා සිටියේ ව්‍යවසායකත්වය මත පදනම් වූ නව රජයක් ගොඩ නැගිය යුතු බවයි . දිගු කලක් කලක් පාර්ලිමේන්තුවේ සිටි රතු සහ රෝස පිරිස් වලට මේ වෙනස කළ නොහැකි බවත් ,ගම්බද දුප්පත් ජනතාවට ප්‍රලාප කියන මිනිසුන්ට නිවන් සුව පතන දේශපාලනය හමාර කළ යුතු බවයි දිලිත් ජයවීර පැවසුවේ.

Related Articles