ඖෂධ සංස්ථාවෙන් බිබිලේට අවමන්

ඖෂධ සංස්ථාවෙන් බිබිලේට අවමන්

 

ජනතා හිතවාදී ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටී මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ නිෂ්පාදන ය සහ බෙදාහැරීමට කෙළින්ම රාජ්‍ය මැදිහත් විය යුතු බව පැවසුවේ ජනතාවට සාධාරණ මිලකට ඖෂධ ලබදීමටයි .

එහෙත් හෙළිදරව් වී ඇති අන්දමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව දැන් අනුගමනය කරන්නේ ඊට සහමුලින්ම වෙනස් ප්‍රතිපත්තියකි.

මහාචාර්ය සේනක බිබිලේ

 

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල නියම කිරීමේදී සංස්ථාව එකට අටක ලාභයක් ලබාගන්නා බව රජයේ කාරක සභාවට (කෝප්) හෙළිදරව් වී ඇත .

විගණන නිරීක්ෂණය අනුව ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවා අලෙවි කරන බෙහෙත් වර්ගවලින් 26% සිට 81% ක් දක්වා වූ අසාධාරණ විශාල ලාභයක් ලබා ගන්නා බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පිළිගෙන ඇත.

නිෂ්පාදන වියදමට වඩා බෙහෙවින් අධික මිලක් නියම කොට අසාධාරණ ලාභයක් ලබා ගැනීම සාධාරාණී කරණය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉදිරිපත් කරන තර්කය පිළිගත් හැකිද යන්න ප්‍රශ්නයකි .

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කෝප් කමිටුවට පවසා ඇත්තේ තමන් නිෂ්පාදනය කරන ඖෂධවලට සමාන තරගකාරී සෙසු ඖෂධවල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඖෂධ සංස්ථාව විසින් නියම කරන ලද මිලට එකී ඖෂධ වර්ග මිලට ගැනීම පාරිභෝගිකයන්ට වාසි සහගත බවය.

රාජ්‍ය ව්‍යවසායකට මැදිහත්වීමේදී අංගනය කල යුතු ජනතා හිතවාදී බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහමුලින්ම අමතක කොට ඇත.

මෙලෙස අධික ලාභ සහිතව බෙහෙත් අලෙවි කිරීම පිළිබඳව සංස්ථාවේ මතය කෝප් සභාව විමසූ විට ඖෂධ නිෂ්පාදන සංස්ථාව දැනුම් දී ඇත්තේ මෙම ඖෂධවලට සමාන තරගකාරී සෙසු ඖෂධවල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඖෂධ සංස්ථාව විසින් නියම කරන ලද මිලට එකී ඖෂධ වර්ග මිලට ගැනීම පාරිභෝගිකයන්ට වාසි සහගත බවය. ඒ අතර සංස්ථාව ලබා දී ඇති පිළිතුරෙහි තම නිෂ්පාදනවලින් ඉතා ඉහළ ලාභයක් ලැබෙන පරිදි මිල නියම කර ඇති බව පිළිගෙන ඇත.

Related Articles