චන්ද්‍රිකා මෛත්‍රී සන්ධානය හැල හැප්පිල්ලක

චන්ද්‍රිකා මෛත්‍රී සන්ධානය හැල හැප්පිල්ලක

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අතරමග ඇනහිට ඇති බව දේශය වාර්තා කරයි වෙයි.

මෙම සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය නොවීම ප්‍රධාන ගැටළුවකි .

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම තනතුර සඳහා ආණ්ඩු කීපයකම කටයුතු කොට ඇති ජී එල් පීරිස් ගේ නම යෝජනා කොට ඇත. චම්පික රණවක ගේ නම තවත් යෝජනාවකි.
මේ මොන යෝජනා තිබුනත් ජනාධිපති අපේක්ෂකත්ව තමන්ට ලැබිය යුතුයැයි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරයේම පවසන අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට එකඟ වී නැත.

මේ අතරේ ඇමරිකාවට ගිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඇමරිකාව වැඩියෙන් ආධාර කලයුතු බවයි

මෙම සන්ධානය සඳහා අනුර යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ලංසා පිල, නසීර් අහමඩ් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය, මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂය හා අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මූලික වශයෙන් එකඟ වී තිබිණි.

Related Articles