සරත් ෆොන්සේකා කොයිබටද ?

සරත් ෆොන්සේකා කොයිබටද ?

සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු සහ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර වර්ධනය වූ ගැටුම්කාරී තත්වය වැඩි දියණු වී ඇත


සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , එම පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වී ඇත .

මේ සඳහා ෆොන්සේකා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් ද සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා ඇත .

සරත් ෆොන්සේකා තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ තබා ගැනීමෙන් පක්ෂයට විශාල හානියක් සිදු විය හැකි බැවින් වහා ම පක්ෂයේ විනය කමිටුව කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් විපක්ෂ නායකවරයාට පෙන්වා දී ඇත.

පක්ෂ විනය කමිටුව

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හොර රහසේ ‘ජනපති’ හා කතාබස් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ‘එස්. එම්. මරික්කාර්’ චෝදනා නගන අතර සරත් ෆොන්සේකා මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා
නැත .
මේ වන විට හිටපු නාවික හමුදාපති දයා සඳගිරි , විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නිමල් ලෙව්කේ , සහ හිටපු හමුදාපති දයා රත්නායක සමඟි ජන බලවේගයට එක්ව සිටිති. ඒ සමඟම ආරක්ෂක කටයුතු පිළබඳව දැනුමක් තිබෙන එකම බලධාරියා ලෙස පෙනී සිටීමට සරත් ෆොන්සේකාට තිබු අවස්ථාව අහිමි වේ ඇත.

දැනට උද්ගත වී තිබෙන තත්වය යටතේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව සරත් ෆොන්සේකාට ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවෙනු ඇත .එසේ නොකළහොත් ඔහුව පක්ෂ විනය කමිටුව ඉදිරියට කැඳවීමට ඉඩ ඇත.

එම පුවත් වාර්තාව වැඩි දුරටත් සඳහන් කරන්නේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ සතියේ දී පැවැත් වීමට නියමිත අතර එහි දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

Related Articles