ආණ්ඩුවේ ඔන්ලයින් හිරවිල්ල

ආණ්ඩුවේ ඔන්ලයින් හිරවිල්ල

රනිල් වික්‍රමසිංහ මානව හිම්කම් සම්බන්ධයෙන් වේගයෙන් රිවර්ස් එකට යන බව පසුගියදා කියා සිටියේ හ්යුමන් රයිට්ස් වොච් සංවිධාධනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනක්ෂි ගන්ගුලිය .

මීනක්ෂි ගන්ගුලි .

ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන සිදු නොකොට සම්මත වූ පනත සම්මත කිරීමට කතානායකවරයා ගත් තීන්දුව දැන් එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් අධිකරණය හමුවේ අභියෝග කොට ඇත .

පෙබරවාරි 1 දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමඟ එය නීතියක් බවට පත්ව බලාත්මක වී තිබේ.මේ යටතේ අත් අඩංගුවට ගැනීම් සිදු කරන බව ටිරාන් අලස් ඇමතිවරයා පවසයි.

නීතිපති සහතිකය

කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගන්නා ලද්දේ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන ඇතුළත් බවට නීතිපතිවරයා සහතික කිරීමෙන් පසුව බව පවසයි .

ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හැර ඇතැයි යමෙකු චෝදනා කරන්නේ නම් එසේ නොතකා හැර ඇති නිර්දේශ මොනවා දැයි පැහැදිලිව පෙන්වා දෙන කතානායක මහින්ද යාපා යප අබේවර්ධන අභියෝග කරයි .

මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වගන්ති මොනවාදැයි කතානායක වරයාට දන්වා ඇත..

ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති 30කට අධික ප්‍රමාණයක් එහි අන්තර්ගතව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගෙන තිබූ අතර ඒවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් කළ යුතු බවද පෙන්වා දී තිබිණි. එහෙත් එම සංශෝධන ඇතුළත් නොකර පනත සම්මත කරගෙන ඇතැයිද, මේ සම්බන්ධයෙන් කොමිසම සිය කනස්සල්ල පළ කරන බවද එම කොමිසම කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් විය.

මානව හිමිකම් කොමිසමේ සභාපති එල් ටී බී  දෙහිදෙණිය

එම ලිපියට ප්‍රතිචාර ලෙස නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිශ්චිත මගපෙන්වීම් යටතේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව සංශෝධන සිදු කළ බවටය.

මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දෙන්නේ මෙම පනත සම්මත කළ ආකාරය නීතිවිරෝධී බවද, මෙරට සිටි කීර්තිමත් විනිසුරුවරයකු වන මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ප්‍රකාශ කර ඇති පරිදි කතානායකවරයා විසින් අත්සන් තැබුවද එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මතයනට අනුකූලව සම්මත වී නොමැති නම් එවැනි පනතකට නීතිමය බලයක් නොමැති බවයි යැයිද මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම පනත යටතේ ගනු ලබන සියලු පියවර නීතිවිරෝධී බවද ඔහු පෙන්වා දුන්නේය.

 

නොතකා හැරුණු ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කරුණු දක්වමින් පවසන්නේ නිශ්චිත උදාහරන සමගිනි.විමර්ශනයට අදාළ තොරතුරුවල රහස්‍යභාවය, විමර්ශනයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් විසින් ආරක්ෂා කරන බවට, රජය විසින් සහතික කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති නමුදු සම්මත කර ගන්නා ලද පනත තුළ එවැනි ආරක්ෂාවක් රජය විසින් සහතික කර නොමැති යැයි ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම ”ද්වේශසහගත” (malicious) සහ “අසංයම” (wantonly) වැනි පාරිභාෂිත වදන් භාවිත කිරීම තුළ යම් දුරවබෝධ තත්ත්වයක් නිර්මාණය වන බවට නිගමනය කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය එම වදන් ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. එහෙත් එවැනි පාරිභාෂිත වදන් පනතින් ඉවත් කර නොමැති බවත් ඊට අමතරව, ඊමේල්, එස්.එම්.එස් සහ එම්.එම්.එස් වැනි සේවාවන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතින් ඉවත් කළ යුතු බවට කර ඇති නිර්දේශ නොතකා හැර ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

මේ සියලු තත්වයන යටතේ ආණ්ඩුව පනත සංශෝධනය කරන තැනකට තල්ලුවී තිබේ .මේ පනතේ ඇත්තේ වගන්ති 57 කි එයින් වගන්ති 47ක්ම සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බවයි ටිරාන් අලස් පවසන්නේ

ඒ අනුව මීළඟට එන පනත සම්පුර්ණයෙන්ම ටින්කරින් සහ වෑල්ඩින් කළ රීකන්ඩිෂන් එකක් බව අනුමාන කල හැකිය .

 

නීතියේ අඩුපාඩු තියෙනවා

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබේ.

“. මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා අපි විවෘතයි. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 

Related Articles