හැට හතර දහසක් අත්අඩංගුවේ

හැට හතර දහසක් අත්අඩංගුවේ

යුක්තිය මෙහෙයුමට මේ වන විට මාස දෙකක් ගත වී ඇත . සැකකරුවන් 64,850ක් අත්අඩංගුවට ගෙන ඇත.මෙයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 56,140ක් සිටිති .මේ සැකකරුවන් අතුරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුවේ .

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කොට ඇත .

නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 7,852.6කට ආසන්න වේ .

තහනමට ගත් දේපළවල වෙළෙඳපළ වටිනාකම මිලියන 726 කට ආසන්නය .

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 8,710 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,333 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 6,700 ක්ද සිටිනවා.

මේ අතර ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 284 ක් සහ අපරාධවලට අවශ්‍යකරන සැකකරුවන් 393 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත .
දැන් බොහෝ දෙනා බලා හිඳින්නේ මත්ද්‍රව්‍ය ගැටළුව කොතෙක් දුරට නිරාකරණයවේද යන්නයි.

Related Articles