විනිසුරුකම අභියෝගයට ?

විනිසුරුකම අභියෝගයට ?

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න දැඩි නීති අභියෝගයකට ලක්ව සිටී

උපාලි අබේරත්න

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ තීරණ ගණනාවකට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාග ආරම්භ වී ඇත .

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඇත .

පද්මිණී එම් රණවක විනිසුරුවරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අද්මිරාල් තුසිත් වීරසේකර, ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ආනන්ද විජේපාල යන අයද මූලික අයිතිවාසිකම් නඩු ගොනු කොට ඇත .

පද්මිණී එම් රණවක විනිසුරුවරියගේ පෙත්සමද විභාගයට ගෙන ඇත .

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පෙත්සම වෙනුවෙන් කරුණූ දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුවේ සිය සේවාදායකයාට විරුද්ධව පැමිණිල්ල විභාග කරන ලද්දේ ඔහුට නොදන්වා බවය. සිය සේවා දායකයා නොකැඳවා ඔහුට එරෙහිව තීරණයක් දීම ස්වභාවික යුක්ති ධර්මයට සහමුළින්ම පැටහැනි බවයි

දේශපාලන හේතූන් පත් කල මේ කොමිසම තුලින් රජයට පක්ෂව තීන්දු දීම වෙනුවෙන් එහි සභාපති වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන උපාලි අබේරත්නට පළමුවෙන් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සහ දෙවනුව තොරතුරු කොමිසමේ ද සභාපති තනතුරු ජනාධිපති වරයා විසින් ලබා දෙන ලද බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙන්වා දුන්නේය.

වන්ද්‍රා ප්‍රනන්දු

මෙම කොමිසමේ තවත් සමාජිකයකු වූ හිටපු පොලිස්පති වරයකු වන වන්ද්‍රා ප්‍රනන්දුට පොලිස් කොමිසමේ සභාපති තනතුර පිරින ම ඇත .

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා වූ කොමිසමේ සභාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන උපාලි අබේරත්න ක්‍රියාකළ ආකාරය විමසන විට ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දැයි සැක සිතෙන තරම් බව නීතිඥවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් සිය අදහස් දැක්වීම අවසානයේ දී ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ඉදිරියටත් මෙවැනි අනීතික සහ ස්වභාවික යුක්ති ධර්මයට අනුකූළ නොවන තීරණ ගැනීම වැළැක්වීම පිනිස එම කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම නීතිඥ තනතුර අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related Articles