කව්ද මේ ෆ්රැන්කා වියෝලා?

කව්ද මේ ෆ්රැන්කා වියෝලා?

ඇතුගල්පුර එක මිටට රැළිය අමතා කළ නීතිවේදීනි නිලන්ති කොට්ටහච්චි සංවේදනීය දත්ත කීපයක් ගෙන හැර පෑවාය .

ගෙවී ගිය 2023 වසරේ ළමා අපයෝජන සිදුවීම් 1500 පමණ වාර්තා වූ අතර ළමා ගැබිණියන් ඒ 130 දෙනෙක් පමණ  වූ බවයි ඇය කියා සිටියේ.

 

වැඩිම අපයෝජන වාර්තා වී ඇත්තේ වයඹ පළාතෙනි . මේ දත්ත සමඟින් ඇය ෆ්‍රැන්කා වියෝලා රැස්ව සිටි දහස් ගණන් කාන්තාවන්ට හඳුන්වා දුන්නාය

බලහත්කාරයෙන්

ගැහැණු දරුවෙක් අපයෝජකනයට ලක් වූ විට චුදිතයාට ඇයව සරණ පාවාදීමේ ‘හානි පුරණ විවාහය’ නම් සම්ප්‍රදායක් ඉතාලියේ විය .මැරයෙක් වූ ෆිලිපෝ මෙලොඩියෝ පහළොස් හැවිරිදි ෆ්‍රැන්කා වියෝලා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඔහුගේ සහචර මැරයින් සමඟ ඇයව අපයෝජනය කළහ .

ෆ්‍රැන්කා වියෝලා තම දූෂකයා සමඟ විවාහ වීමේ විකෘති සම්ප්‍රදාය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළාය.

සම්ප්‍රදායට එරෙහිවීම නොරිස්සු පිරිසක් ඔවුන්ගේ ගොවිපළ ගිනිබත් කළහ

ෆ්‍රැන්කා වියෝලා හානි පුරණ විවාහ නීතියට එරෙහිව සටන් කළාය . ඇයගේ දූෂකයාට සාර්ථකව නඩු පැවරීමට හැකි විය. ඇයගේ ක්‍රියාවන් ඉතාලියේ කාන්තාවන්ගේ විමුක්තිය සඳහා උත්ප්‍රේරකයක් බවට පත් විය .

වින්දිතයන් සමඟ විවාහ

එකල ඉතාලි නීතියේ නියම වූයේ ස්ත්‍රී දූෂකයන් තම වින්දිතයන් සමඟ විවාහ වුවහොත් ඔවුන්ට දඬුවම් නොකරන බවයි. ඉතාලි අපරාධ නීති සංග්‍රහයේ 544 වැනි වගන්තිය ස්ත්‍රී දූෂණය සැලකුවේ තනි පුද්ගලයකුට එරෙහිව නොව “මහජන සදාචාරයට” එරෙහි වරදක් ලෙසය. 1981 වන තෙක් මෙම නීතිය අවලංගු වුයේ නැත. ලිංගික හිංසනය පුද්ගලයාට එරෙහි අපරාධයක් බවට පත් වූයේ (“මහජන සදාචාරයට” එරෙහිව වෙනුවට) 1996 දී පමණි.ඒ වෙනුවෙන්
ෆ්‍රැන්කා වියෝලා ඇතුළු කාන්තවන් එක දිගට හඬ නැගුහ.

1968 දී ෆ්‍රැන්කා වියෝලා ළමා කාලයේ පටන් දැන හැඳින සිටි ගුසේප් රුයිසි සමඟ විවාහ විය .ඔහු
ගණකාධිකාරීවරයෙකු විය .මේ දෙදෙනාට මරණ තර්ජන එල්ල විය. මරණ තර්ජන නොතකා ඔවුන් දිගටම මතය වෙනුවෙන් පෙනී සිටියේ විවාහ බලපත්‍රය ලබා ගැනීමෙන් පසු ගිනි අවි බලපත්‍රයක් ද ලබාගනිමිනි .

 

දූෂක  ෆිලිපෝ මෙලොඩියෝ

ඔවුන්ගේ විවාහ මංගල්‍යය සඳහා ඔවුන් ඉතාලි ජනාධිපතිවරයා තෑගි එවීමට කටයුතු කල අතර හයවෙනි පාවුළු පාප්වහන්සේ  පාප් වහන්සේ ඔවුන්ව කඳවා ආශීර්වාද කළේය. වියෝලා සහ රුයිසිට දරුවන් තිදෙනෙක් (පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක්) සිටියහ

ඔවුන් අදටත් එකට ජීවත් වන්නේ ඉතාලියේ සිසිලියේ අල්කාමෝ නගරයේයි

දූෂක  ෆිලිපෝ මෙලොඩියෝ ට වසර 10 ක සිර දඬුවමක් නියම විය. ඔහු 1976 දී නිදහස් කරන ලද නමුත් වසර දෙකකට පසුව මාෆියාව විසින් මරා දමන ලදී.

 

Related Articles