පාසැල් බෙදීම් ප්‍රශ්නයක්

පාසැල් බෙදීම් ප්‍රශ්නයක්

හින්දු ආගමික දැරියක යැයි උපකල්පනය කරමින් දැරියක පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ විදුහලේ අභියාචනා මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 20 වන දා තීන්දු කල අතර දැන් ඒ පිළිබඳව සමාජ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.

 

ඒ අනුව අදාළ දැරිය සති දෙකක් තුළ වහාම දෙවන ශ්‍රේණියට හෝ සුදුසු ශ්‍රේණියක් සඳහා ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කරනු ලැබීය.
මූලික අයිතිවාසිකම්

කොළඹ හැව්ලොක් පාරේ පදිංචිව සිටින පවිත්‍රා තරංගනී ඉලේපෙරුම විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිගනිමින් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමකින් තොරව සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් තම දරුවා හින්දු භක්තිකයෙකු යැයි උපකල්පනය කරමින් එම ආගමික කෝටාව අවසන් වී ඇතැයි සඳහන් කරමින් සිය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාරිය චෝදනා කර තිබිණි.

ආගමික ,භාෂා,වාර්ගික සහ බාලක බාලිකා පදනම් මත පාසැල් වර්ග කොට ඇත . මේ බෙදීම් හේතුවෙන් සමාජය තුළ අසමානතා ගොඩනැගෙමින් පවතින බව අධ්‍යාපනවේදීන් පෙන්වා දෙති

Related Articles