දේශබන්දු  විනය පරීක්ෂණය පැටලිල්ලක

දේශබන්දු විනය පරීක්ෂණය පැටලිල්ලක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරන ලද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පැහැදිලිව නඩු ද තීන්දුවෙන් නිම කොට තිබියදී එම පරීක්ෂණය පැවැත්වීමට පොලසි කොමිසම ආදී මදි කරන් බවක් පෙනෙන්නට තිබේ.  මාස තුනකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ (CC) අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහු පත් කොට ඇති නිසා ඔහුට එරෙහිව මෙම පරීක්ෂණය පැවැත්වීමට නීතිපති උපදෙස් පැතීමට පොලිස් කොමිසම කටයුතු කිරීමට ඉඩ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී (1) වගන්තියට අනුව, ජනාධිපති විසින් කරන ලද නිර්දේශයක් මත CC අනුමැතියෙන් පමණක් පිරවිය හැකි කාර්යාල අතර පොලිස්පති තනතුර ද වේ මෙම වගන්තියේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි “දින දහහතරකට වැඩි කාලයක් ක්‍රියා කිරීමට පත් කර ඇති” ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් වගන්තියේ (1) ඡේදයේ විධිවිධාන අදාළ වේ .

ඒ අනුව, වැඩබලන පොලිස්පති තෙන්නකෝන් මහතාගේ පත්වීම මාස තුනකට CC විසින් අනුමත කර ඇති හෙයින්, එම පත් කිරීම ස්ථීර ලෙස දැනටමත් සලකනු ලබන්නේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුව තිබේ. අනෙක් අතට ඔහු හ්ගේ නිත්‍ය තනතුර වන්නේ නියෝජ්‍ය පොලිස්පති තනතුර නොවේ ද යන ප්‍රශ්නය මතුවේ.

21 වැනි සංශෝධනය යටතේ පිහිටුවන ලද පොලිස් කොමිසමට පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුවීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් පුළුල් බලතල කොමිසමට පැවරී ඇත.

නීතිපතිට ලියුමක් :

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නීත්‍යානුකූලව බලය පැවරී තිබේද යන්නත්, එවැනි අධිකාරියක් තමන් වෙත පවරා නොමැති නම්, කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද යන්නත් විමසා පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා පලවී තිබේ .

වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පොලිස් කොමිසමට බලය නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට අනුකූලව ක්‍රියාත්මක නොවී සිටීමට පොලිස් කොමිසමට හැකිවාක් නැතිද යන ප්‍රශ්නය මතුවේ. උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ද ලිඛිතව ඉල්ලීමක් කොට ඇති බව වාර්තාවේ .

ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාපටිපාටිය අනුව වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත මෙම කරුණ යොමු කෙරෙනු ඇත. එස් තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය කළේ.

Related Articles