පරාටේ  නීතිය : ඇමති සහ බැංකු මත ගැටුමක

පරාටේ නීතිය : ඇමති සහ බැංකු මත ගැටුමක

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ බැංකු අධික ලාභ සහ සහ පුද්ගලික වාසි තකා පරාටේ නීතිය භාවිතා කරන හෙයින් නීතිය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි .

දිගු අධිකරණ ක්‍රියාදාමයකින් තොරව උකසට තබා ඇති දේපලක් කඩිනමින් විකිණීමට බැංකුවලට පරාටේ නීතිය ඉඩ දෙයි. උකස් කළ වත්කම් වල හිමිකම් ලබා ගැනීම සඳහා උසාවි යාමකින් තොරව ඒවා අත්පත් කර ගැනීමේදී බැංකු නිලධාරීන් අසාධාරණ ලෙස මේ දේපල අත්පත් කර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රතිචාර දක්වමින් පවසන්නේ බැංකු තැන්පතු ආරක්ෂා කරගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. පරාටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ අන් විසඳුමක් නොමැති තැන බවයි බැංකුකරුවන් පවසන්නේ.

Related Articles