නටත් බොහෝ කල් සුරා මතින්

නටත් බොහෝ කල් සුරා මතින්

දෙසැම්බර් නම වෙනිදා පටන් අද (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන සහ වසනු ලබන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව, විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇත.

එමෙන්ම පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතිනු ඇත.

මීට අමතරව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත තරු තුන හෝ ඊට ඉහළ හෝටල් සඳහා පෙ.ව. 10 සිට පසුදින අළුයම 02 දක්වා මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවේ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2015 වසරේ කර ඇති සංගණනයන්ට අනුව ලංකාවේ පිරිමින් අතරින් 34.8% පමණ මත්පැන් භාවිතය නිසා රෝග වලට භාජනය වෙති . ලංකාව තුළ කාන්තාවන් අතර මත්පැන් භාවිතය අවම මට්ටමක එනම් 0.5 % පමණ පවතී .

රජය වසරකට බිලියන 140ක් පමණ මත්පැන් භාවිතය නිසා ඇති වූ රෝග තත්ත්ව වලට ප්‍රතිකාර සදහා මෙන්ම බීමතින් රිය පැදවීම නිසා සිදු වන අනතුරු වලට ප්‍රතිකාර කිරීම සඳහා වැය කර යි . එසේම දිනකට මත්පැන් භාවිතය නිසාවෙන් පුද්ගල මරණ 65ක් පමණද වසරකට 23000 ක් පමණද ජීවිතක්ෂයට පත් වෙති .

අනෙක් අතට වැඩි වේලාවක් සුරාසැල් විවෘත කිරීමේ හේතුවෙන් නීති විරෝධී මත්පැන් අලෙවිය අඩු කල හැකි බව කියන පිරිස් සිටිති. මත්පැන් අලෙවිසැල් අවම වශයෙන් පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබීමෙන් රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමිවීම වලක්වා ගත හැකි බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

“ආණ්ඩුව අරක්කුවලට බද්දක් දැම්මත් එය අය කරගන්න විදියක් නෑ. එය නැවත ලබා ගත හැක්කේ මත්පැන් අලෙවි කළහොත් පමණයි. සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබිය යුතුයි. රාත්‍රී 9ට සුරාසැල් වැසී ගියද මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය අය රාත්‍රී නවයෙන් පසුව එය මිලදී ගන්නේ කොහෙන්ද, කෙසේද යන්න දැනගත යුතුයි.“ යැයි ඇය මේ බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවාය .

Related Articles