කිඹුලාවල වීදි ආහාරසැල් වහන එක හරිද ?

කිඹුලාවල වීදි ආහාරසැල් වහන එක හරිද ?

මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති හෙයින් තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ඉවත් කිරීම ට පියවර ගත බවයි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

වීදි ආහාර යනු’ සංස්කෘතියක් බවත් තලවතුගොඩ කිඹුලාවල වීදි ආහාර සැල් ඉවත් කිරීමෙන් සංස්කෘතියක් ඉවත්වෙන බව බලධාරීන් කල්පනා කළේද නැද්ද යන්න නොදනිමු.

නිල්වන් දිය පිරි ජලාශයයක පහස ලබමින් රෝස් පාන් සමඟ කකුළුවන්, පොල් රොටී සමඟ පොර්ක්, බැදපු හුරුල්ලන් හෝ චීස් කොත්තුවක් රස බැලීමට ජනතාවට තිබු අවස්ථාව අහිමිවනු ඇත. මේ ආහාර විකිණීමෙන් දිවි ගටාහාගත් ප්‍රසන්න ,ඔසී ,ශ්‍රියානි , සදා නන්දන් ,හෙක්ටර් ආදීන් ගේ වේදනා බර සුසුම් යාබද දියවන්නාවට නොදැනෙනු ඇත .

මේ පිරිස දේශපාලන අනුග්‍රහ මත මෙතැන කඩ අටවා ගත්තේද යන්න වෙනමම ප්‍රශ්නයකි. මේ වීදි ආහාර වෙළෙද සැල් වසර කීපයක් තිස්සේම ක්‍රියාත්මක වූ ඒවාය. මෙතෙක් කල් නිෂ්ශබ්දව සිටි බලධාරීන් මේ කඩිමුඩියේ වහාම ක්‍රියාත්මක වුයේ මන්ද යන්න තවත් ප්‍රශ්නයකි.

වසර දහසකට එහා අතීතයේ ග්‍රීසියේ වීදිවල පුලුස්සන ලද මාංශ විකිණීමෙන් වීදි ආහාර සම්ප්‍රදාය උදුනක් හෝ ලිපක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොමැති, නිවාස නොමැති මිනිසුන් අතර මුලින්ම ජනප්‍රිය විය.

යාබද ඉන්දියාවේ වීදි ආහාර ජනප්‍රිය සංස්කෘතිකාංගයකි.ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2012දී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියානුවන් බිලියන 2.5ක් දෛනිකව වීදි ආහාර අනුභව කරන අතර , වසරක් පාසා දිල්ලියේ පැවැත්වෙන වීදි ආහාර උළෙල දැවැන්ත උත්සවයකි. පිලිපීනය, මලයාසියාව , තායිලන්තය ආදී රටවල්වල වීදි ආහාර සැල් සංචාරකයින්ගේ ආකර්ශනය ලබන ස්ථානය.

ශ්‍රී ලංකාව එක් අතකින් සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීමට පාරම්බාමින් අනෙක් අතට සංචාරක ආකර්ශනයක් බවට පත් කර ගත හැකිව තිබෙන තලවතුගොඩ කිඹුලාවල වීදි ආහාර සැල් වසා දැමීමට කටයුතු කිරීම පිළිගත නොහැක්කක් බවයි එම ආහාර සැල් හිමියන් පවසන්නේ.

Related Articles