නන්දසේන සූරියආරච්චි බොහෝ දේ ඉතිරි කොට නික්ම ගොසිනි

නන්දසේන සූරියආරච්චි බොහෝ දේ ඉතිරි කොට නික්ම ගොසිනි

නන්දසේන සූරියආරච්චි ශුරින් නික්ම යන්නේ මුද්‍රිත මාධ්‍ය කලාවට බොහෝ දේ ඉතිරි කරමිනි. විශේෂාංගකරණයට ඔහු වුයේ අපුරු සමර්ථ තාවයකි . එක් අතකින් සෙසු මාධ්‍යවේදින් ඇස අපුර්ව චරිත ඔහුට විෂය විය. ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ‘, සහ ‘දිඹුලාගල හාමුදුරුවෝ‘ අපුර්ව චරිත පාඨක රුචිය සපුරාලමින් ලියවුනු විශේෂාංගය. මේ හිමිවරු ගැන සමාජයේ තිබු ප්‍රවාද නන්දසේන සූරියආරච්චි ශුරින් තම විශේෂාංග සඳහා එකතැන් කරගත්තේ උන්වහන්සේලාගේ අදීන පෞර්ශෂ ඉස්මතුවෙන පරිදිය.

අනෙක් අතට ප්‍රකට චරිත වල අප්‍රකට තොරතුරු හෙළිදරව් කිරීමට ඔහු දැක්වුයේ අපුරු දස්කමකි. ‘බොරලුගොඩ දේශපාලනය‘ සහ , ‘සිංහලේ සිංහයා සර්ජෝන්‘ විශේෂාංග ලිපි ඊට නිදසුන්ය.   වෙහෙස මහන්සිය නොබලා අදාළ මුලාශ්‍ර වෙත ගොස් විශේෂාංග සම්පාදනය කිරීම ඔහුගේ සිරිත විය .

නන්දසේන සූරියආරච්චි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා කෘතහස්ථ ග්‍රන්ථ කතුවරයෙකුවූ ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙය පුරා දශක පහක කාලයක් පුර විහිදී යයි.

දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයෙකු ලෙස සේවය කළ ඔහු දිවයින ආරම්භ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් විය . දයාසේන ගුණසිංහයන් දිවයින හරහා ශ්‍රී ලංකාවේ පුවත් පත් කලාවට නව හැඩයක් දීමට ගත් උත්සහයේදී නන්දසේන සූරියආරච්චි ශුරින් ගෙන් ලැබුනේ ඉහළ දායකත්වයකි . ඔහු ඉදිරිපත් කළ දේශපාලන විග්‍රහයන් තුළ නැවුම් බවක් විය .

දිවියෙන් සමුගන්නා තෙක්ම ග්‍රන්ථ කරණයේ යෙදුන නන්දසේන සූරියආරච්චි ශුරින් පොත් පනහකට වැඩි ගණනක් සම්පාදනය කොට ඇත. ඉවසිලිවන්තව මාධ්‍යකරණයේ යෙදෙන්නේ කෙසේදැයි පරම්පරා ගණනකට කියාදුන් නන්දසේන සූරියආරච්චි ශුරින් හට මාධ්‍ය සගයින් සුභ ගමන් මිතුර යැයි කියන්නේ පහසුවෙන් පිරවිය නොහැකි හිස්තැනක් ඇති වූ බව පසක් කරගනිමිනි.

Related Articles