මහේස්ත්‍රාත් උසාවියේ කෙහෙළිය ගැන කථාබහ

මහේස්ත්‍රාත් උසාවියේ කෙහෙළිය ගැන කථාබහ

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ගණුදෙනුවට සම්බන්ධ පළමු සැකකරු වන Isolez Biotech Pharma AG (Pvt) Ltd සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ අධිකරණයට කියා සිටියේ පළමුවෙන සැකකරු එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් දුන් ආකාරයට ක්‍රියාත්මක වූ බවයි .

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ හෙළිදරව් වූ ආකාරයට හිටපු අමාත්‍වරයාගේ නම සැකකරුවන් දෙදෙනෙක් විසින් සඳහන් කොට ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍ය කෙහෙළියගේ නම සටහන් කිරීම ප්‍රතික්ෂේප කල බවයි .

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පොලිසියට නියෝග කළේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ නම සඳහන් කළ 1 වන සහ 3 වන සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ බන්ධනාගාර පරිශ්‍රයේදී සටහන් කර ගන්නා ලෙසයි.

6 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කරමින් පැවසුවේ දේශපාලන හිතවත්කම් මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට නොගන්නා බවත් අපරාධයට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මහජනතාවට ලබාදීම සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරියා මීට පෙර නියෝග කර තිබුණි. පොලිස් ඇමති ටිරාන් අලස්ද පැවසුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කරුණු සහිතව සැකකරුවෙක් ලෙස අනාවරනය වුව හොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවයි .

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ නිවසට ගොස් කට උත්තර ලබාගැනීනීම පිළිබඳව සැකකරුවන්ගේ නීතිවේදීන් උසාවිය දැනුවත් කළ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය කියා සිටියේ පොලීසිය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කල යුතු බවයි.

Related Articles