පාර්ලිමේන්තුව දෑස පියා ගත් කල

පාර්ලිමේන්තුව දෑස පියා ගත් කල

ශ්‍රී ලංකාව ආර්ථික ගොහොරුවකට තල්ලු කළ 2019-2020 රාජපක්ෂ පරිපාලනයේ අපචාරී පැවැත්ම ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී දුන් තීන්දුව මගින් මැනවින් තහවුරු කොට ඇත. ආචාර්ය නන්දලාල් වීරසිංහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ඉදිරියේ 2022 මැයි 25 දින තමන්ට පෙර කටයුතු කළ මහ බැංකු අධිපති සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ ක්‍රියාකලාපය මැනවින් විස්තර කළත් පාර්ලිමේන්තුව එම තොරතුරු තඹ දොයිතුවකට මායිම් කලේ නැත.

කෝප් කමිටුවට එම කරුණු දැක්වීම පාර්ලිමේන්තු විවදයකට යොමු කිරීමේ හැකියාව තිබින. මහ බැංකු අධිපති වීරසිංහ පෙන්වා දුන් කරුණු උඩු සුළඟට ගස ගෙන ගියේය. විපක්ෂයටද මහා බැංකු අධිපති ගේ කරුණු දැක්වීම ඇසුනේ නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ සදොස් පිළිවෙත සම්බන්ධයෙන් එවකට ජනාධිපති, මුදල් අමාත්‍යවරුන් වූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ වරදකරුවන් කර ඇත. දැන් ඔවුන්ගේ ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගන්නා තීරණය පිළිබඳව රට බලා සිටී.

රටේ ආර්ථික අර්බුදයේ මුල හේතු පිළිබඳව නිසි අවධානය නොදැක්වීමේ වරදින් සමඟි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය වැනි විපක්ෂයේ වලටත් පහසුවෙන් ගැලවිය නොහැක.

Related Articles