ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ ජය

ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ ජය

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ නිලවරණ මැතිවරණ දෙකක් ජයගෙන ඇත. එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන ප්‍රසාද් කාරියවසම් මහතා සියලුම සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ (CMW) අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට තේරී පත්වී ඇත. ඔහු ඡන්ද 57 න් 44 ක් දිනා ගත්තේය.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) විධායක මණ්ඩලයට ද ශ්‍රී ලංකාව තේරී පත් විය. ඡන්ද 188 න් 144 ක් ශ්‍රී ලංකාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව අවසන් වරට 2015 සිට 2019 දක්වා විධායක මණ්ඩලයේ කරටයුතු කොට ඇත .

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ පැවති යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර ඔහුට 2024-2027 දක්වා රට නියෝජනය කිරීමට අවස්ථාව ලැබේ.

Related Articles