මුදලාලි කෙනෙක් හරිනිට බිලක් කඩලා

මුදලාලි කෙනෙක් හරිනිට බිලක් කඩලා

ජාතික ජන බලවේගයේ ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන හරිනි අමරසූරිය පසුගියදා තම පක්ෂයේ සහෝදරයෙක් ගමනක් යන අතරතුර තේ බීමට කුඩා කඩයකට ගොඩ වුවාය. තේ බීමෙන් අනතුරුව බිල දෙන ගමන් මුදලාලි ඇසුවේ බිල මිල දුන්නට කමක් නැද්ද යනුවෙනි.

සාමාන්‍යයෙන් දේශපලඥයින් තේ බී බිල නොගෙවා යන සිරිතක් තිබිය හැකි බව ඇය පවසන්නීය.  මේ සිදුවීම ගැන සඳහන් කරමින් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය පැවසුවේය දේශපාලනඥයින් බලය හා පවත්වන සම්බන්ධතාවය පිළිබඳ සමාජය මීට වඩා දැනුවත් විය යුතු බවයි.

දේශපලඥයින්ද සාමාන්‍ය මිනිසුන් වන බැවින් ඔවුන්ට සාමාන්‍ය ආකාරයට සැලකීම සාධාරණ බවයි ඇය පැවසුවේ. දේශපලඥයින්ට සැලියුට් ගසන සංස්කෘතිය වෙනස් නොකොට දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළ හැකි බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

ඉතා කුඩා මුදලක් වන තේ කෝප්පයක් සඳහා වන බිල දීමට පෙර කමක් නැද්ද ඒ විමසීම තුළින් පෙන්නුම් කරන්නේ දේශපාලනඥයන්ගේ බලය සම්බන්ධයෙන් සමාජය දක්වන අධිතක්සේරු බවයි හරිනි අමරසූරිය පවසන්නේ.

Related Articles