වෛද්‍ය පාලිත මහීපාලට ගිලන් වූ සුව සේවය සුව කළ හැකිද?

වෛද්‍ය පාලිත මහීපාලට ගිලන් වූ සුව සේවය සුව කළ හැකිද?

කුප්‍රකට ඉමියුනෝග්ලොබින් ජාවාරම ඇතුළු කූට ක්‍රියා රැසක් වාර්තා වූ සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස කටයුතු කළ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විශ්‍රාම යෑම හේතුවෙන් මීළඟ සෞඛ්‍ය ලේකම්වරයා ලෙස වෛද්‍ය පාලිත ගුණරත්න මහීපාල මහතා පත්වීමට නියමිත ය බව වාර්තා වේ.

මීළඟ ලේකම්වරයා වීමට තරගකරුවන් කිහිප දෙනෙකු අතර දැඩි තරගයක් මතුව ඇති බව ඩේලි මිරර් පුවත්පත මීට පෙර වාර්තා කළේය. වෛද්‍ය පාලිත මහීපාල මහතා තරග වැදුණු එක් අයෙකි.

වෛද්‍ය මහීපාල මහතා මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කොට ඇති අතර . ඔහු 2019 අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා ලෙස ද සේවය කළේය.

ඔහු පළපුරුදු සෞඛ්‍ය පරිපාලකයෙකි . ඔහු සෞඛ්‍ය ලේකම් තනතුර භාරගන්නේ සෞඛ්‍ය සේවයම මරණාසන්න මොහොතකය. වෛද්‍යවරුන් හැටට හැටේ රට හැර යති , ජාවාරම් බොහෝය, බෙහෙත් හිඟය ,අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කොට ඇත්තේ සියයට හතරකි සාමන්‍යයෙන් අවම වශයෙන් සීයට හතක් වත් වෙන් කෙරේ.

Related Articles