පුනකරි විදුලි වැඩපිළිවෙල මගඩියක් – සජිත්

පුනකරි විදුලි වැඩපිළිවෙල මගඩියක් – සජිත්

මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාර වැඩපිළිවෙල අන්ත දුෂිත ගණුදෙනුව ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක පසුගියදා පාර්ලිමෙන්තුවට කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව බල ශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉඩ දෙන බවයි.

නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් පුනකරි බලශක්ති ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියානු සමාගමකට ලබා දීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ව්‍යාපෘති සාක්ෂියක:

රජය විසින් තෝරා ගත් මෙම ආයතනයට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට හැකියාවක් ඇත් ද කියා කිසිදු අධ්‍යයනයක්, පර්යේෂණයක් සිදු කර නොමැති බවත් යුනයිටඩ් සෝලර් එනර්ජි ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නම් මෙම ආයතනයේ වෙබ් අඩවියට අනුව ඔවුන් සිදු කළ කිසිදු ව්‍යාපෘතියක් සම්බන්ධ තොරතුරු සනාථ කළ නොහැකි බවත් ඔවුන් රටවල් 20 ක මහද්වීප 6 ක ව්‍යාපෘති 37ක් සිදු කර ඇති බවට සඳහන් නමුත් ඒ සම්බන්ධ කිසිදු භෞතික සාක්ෂියක් සොයා ගත නොහැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

යුනයිටඩ් සෝලා ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනය ඔස්ට්‍රේලියානු රජය විසින් 2023 මාර්තු 15 වැනිදා සිට වංචාකාරි ආයතනයක් ලෙස නම් කර එම ආයතනය සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් රටට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Related Articles