හිටපු පොලිස්පතිත් මානව හිමිකම් කඩලා

හිටපු පොලිස්පතිත් මානව හිමිකම් කඩලා

හිටපු පොලිස්පති මද්දුම ලියනගේ ජනක ප්‍රියා ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට ඇත

ගිං ගඟ අශ්‍රිතව තෙලිකඩ වනාන්තරයේ නීති විරෝධී ලෙස ගස් කැපීම ,වැලි හැරීම සහ මැණික් ගැරීම් ආදී කටයුතු වල යෙදුන පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත අසාධාරණ ලෙස තංගල්ල පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තෙලිකඩ පොලිස් ස්ථානයෙන් මාරු කර යවා ඇති බවයි විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිරීක්ෂණය කළේ .

Related Articles