නිරුවත විකුණන්න ගොස් ඝාතනය වීමේ සුලමුල

නිරුවත විකුණන්න ගොස් ඝාතනය වීමේ සුලමුල

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයකු ලෙස සේවය කළ වැල්ලව තල්විට බලගහගෙදර පදිංචිව සිටි පී.වී. සුරංග ප්‍රදීප් කුමාර මුදල් සෙවීමට නිරන්තරයෙන්ම විවිධ මාර්ග ගවේශනය කල බව ඔහු ගේ මිතුරන් පවසති. යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා එත් හිට්ස් එන්නේ නැහැනේ යනුවෙන් ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ තමන් හා සේවය කළ සජිත් කුමාරට පවසා තිබින.

ඩොලර් සෙවීම සඳහා සුරංග අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවියක් ආරම්භ කිරීම හෝ අසභ්‍ය වෙබ් අඩවි සඳහා වීඩියෝ සැපයීම යන ක්‍රම දෙක පිළිබඳව කල්පනා කළේය. හිට් වෙන වැඩක් සඳහා ඔරජිනල් යමක් අවශ්‍ය බව සුරංගට වෙබ් අඩවි පිළිබඳව උපදෙස් ලබා දෙන මිතුරෙකි .

නිරුවත් කාන්තා ඡායාරූප කරණය සඳහා තම දාතර හැවිරිදි දියණිය යොදාගත හැකි බව සුරංග පැවසුවේ මෙය ඩොලර් ගලාගෙන එන සුළු වැඩක් බව පවසමිනි. මේවා ලංකාවේ මිනිස්සු බලන්නේ නැහැ යැයිද ඔහු තම බිරිඳට කියා සිටියේය.

බිරිඳ මේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පල කළාය. නිතර ගේ දොර ආරවුල් ඇති විය.

ඒ බිහිසුණු සිද්ධි දාමය විස්තර කරන සමන් ප්‍රදීප් විල්තෙර :

“පසුගිය 3 වැනිදා සවසත් ඔහු බිරිය සමඟ ගැටුමකට මැදිවී ඇත. ගැටුම දුරදිග ගිය අවස්ථාවේ එදින රාත්‍රියේ මෙම නරුම පියා සිය බිරිය සහ 8 හැවිරිදි පුතා නි‍වෙසින් එළියට පන්නා දොර අගුලු දමා දියණිය නි‍වෙස තුළ රඳවා ගෙන ඇත. එසේ තනි කරගත් දැරියගේ නිරුවත් ජායාරූප ගැනීමට බලහත්කාරයෙන් උත්සාහ කළ අවස්ථාවේ කෙසේ හෝ බිරිඳ නිවසට ඇතුළු වී තිබේ. එම අවස්ථාවේ කේන්තියෙන් පසුවූ සැමියා බිරිඳට දම්වැලකින් හා යකඩ පොල්ලකින් පහර දී තිබේ. එහිදී පහර කෑමෙන් වැළකීමටත් සැමියා අඩපණ කරවීමේ අදහසිනුත් බිරිය ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළාය. ඒ අනුව සැමියාගෙන් තරමක් ලිහිල් වූ බිරිය නිවසේ තිබූ කඩුවක් ගෙන සැමියාගේ දෙපයට හිසට ගෙළට හා තවත් තැන් කිහිපයකට වැරෙන් පහර එල්ල කළාය. ඒ සමගම වේදනාවෙන් බිම ඇදවැටුණු සැමියා ලේ පෙරෙන තුවාල සහිතව නිවසේ සාලය මැද්දේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.”

වැල්ලව තල්විට බලගහගෙදර සුරංග ප්‍රදීප් කුමාර ගේ බිරිඳ ඇඟලුම් කම්හල් සේවිකාවක් වන අතර ඇය දැන් රිමාන්ඩ් භරයේය.

නීතිමය පසුබිම :

බලු බැල්මට සුරංග ප්‍රදීප් කුමාර ගේ බිරිඳ පුද්ගලයෙකුගේ ප්‍රාණය නිරුද්ධ කොට ඇත. එය “ජීවත්වීමේ අයිතිය” උල්ලංඝණය කිරීමකි.

මේ සිදුවීම් දෙස බලන විට මේ ඝාතනය සිදු කළ කාන්තාවට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමිවන්නේද යන ප්‍රශ්නය පැන නගී.

මේ පිළිබඳව කරුණු දක්වන නීතිඥ උපුල් කුමරප්පෙරුම :

“ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ, දණ්ඩ නීති සංග්‍රහයේ 89 වන වගන්තියේ සිට 99 වන වගන්තිය දක්වා කොටසේ ය.

89 වන වගන්තිය කියන්නේ, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන අවස්ථාවල දී ඒ කරන කිසිවක් වරදක් නෙවෙයි කියලා 92 හතර වන කොටසේ තියනවා, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ප්‍රමාණය ගැන,”

“‘ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය ප්‍රමාණයකට හැර, ඊට වඩා වැඩි පීඩාවක් සිදු කිරීමට කවර අවස්ථාවක දී වුව ද, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොපැතිරෙයි’ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නෙ තමන්ට ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි ප්‍රතික්‍රියා කරන්න පුළුවන්.”

“කවුරු හරි ගැහුවොත්, තමන් බේරෙන්න ඒ තැනැත්තාට ප්‍රහාරයක් කරන එක පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමක්. උදාහරණයක් විදිහට, මොකක් හරි පොලු කෑල්ලකින් ගැහුවා කියලා කෙනෙක්ව මරන්න බෑ. 93 වන වගන්තිය අනුව තමන්ව මරණයට පත් කිරීමේ අදහසින් එන පුද්ගලයෙකුව තමන්ගේ ආරක්ෂාව සඳහා මරන්න පුළුවන්. එතනදී ඒ පුද්ගලයා නොමැරුවොත් තමන් ඝාතනයට ලක්වන බව ඔප්පු කරන්න පුළුවන් නම් සහනයක් ලැබෙනවා,”

Related Articles