සීදුවේ මරණය -දුරකථන ඇමතුමක්

සීදුවේ මරණය -දුරකථන ඇමතුමක්

 

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේදී 26 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.

ඊයේ රාත්‍රියේ බෝඩිමක කාමරයක් තුළ මෙම කාන්තාව මර දමා පසුව එම පුද්ගලයා මිතුරෙකුට දුරකථන ඇමතුමක්
ලබාදී ඇත .
අනියම් ඇසුරක් පිළිබඳව මතු වූ ගැටළුවක් හේතුවෙන් තමන් මෙම කාන්තාව මර දැමු බවයි දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයා පැවසුවේ .

මියගොස් ඇත්තේ පලුගොල්ලේගම – මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සීදූව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

.

 

 

 

 

 

 

 

Related Articles