සුගී ගේ හෙළිදරව්වේ රඟ

සුගී ගේ හෙළිදරව්වේ රඟ

ගෝඨාභය රාජපක්ෂ ගේ පොත පිළිබඳව කථා කළ  හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර ගේ කතා බහ තුලින් රාජපක්ෂ අශ්‍රිතව කටයුතු කළ පිරිස් අතර තිබු විරසකයන් පිළිබඳව බොහෝ දේ හෙළිදරව් විය.

බුද්ධි අංශ වල අඩපණවීම ,ලේකම් පී බී ජයසුන්දර ඇත්ත වසන් කරමින් ගෝඨා ගොනාට ඇන්දවීම , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ මාණ්ඩලික ප්‍රදානි ශවේන්ද්‍ර ප්‍රනාන්දු අතර වූ ගැටුම් , තමන්ගේ ආරක්ෂක ප්‍රධානින් දුරකතනයෙන් හෝ සම්බන්ධ කරගත නොහැකිවූ ගෝඨා ආදී කරුණු රැසක් පිළිබඳව සුගීශ්වර බණ්ඩාර බොහෝ දේ කියා සිටියේය.

” ඒක හොඳ ලොන්ඩරියක් “ යැයි ගෝඨා ගේ පොත පිළිබඳව සුගීශ්වර කළ හෙලිදරව් පිළිබඳව කරුණු දැක්වූ මාධ්‍ය වේදියෙක් පැවසීය .

එදා ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන නිවස වෙත පැමිණ උද්ගෝෂණය කල පිරිසේ බහුතරයක් මුස්ලිම් පිරිස් යැයි කීම පදනම් විරහිත සහ ජාතිවාදී බව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වා ඇතත් චින්තන ධර්මදාස දක්වා ඇත්තේ තරමක වෙනස් ප්‍රතිචාරයකි

“ගෝටාබය රාජපක්ෂ පැන්නීම පිටිපස්සෙ කතෝලික පල්ලිය සහ මුස්ලිම් ප්‍රජාව ඉන්නවා කියලා ගෝටාබයගෙ පුද්ගලික ලේකම් සුගීශ්වර කියනවා. ඒ කතාව ඇත්ත නම් ඒ දෙපාර්ශ්වයට මගේ හෘදයාංගම ගෞරවය සහ ආදරය පිරිනමන්න කැමතියි.

පාස්කු බෝම්බයෙන් තමන්ගේ බැතිමතුන් ඝාතනය කරමින්, මුස්ලිම් ත්‍රස්තවාදයක් රටේ නිර්මාණය කරමින් බලය වෙනුවෙන් කළ විනාශයට එරෙහිව ඒ තරම් ප්‍රබලව නැගී සිටින්න පුළුවන් වුනා නම් ඔවුන්ට මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ ආචාරය හිමිවෙනවා.

Chinthana D(චින්තන ධර්මදාස)

Related Articles